Photobucket

Saturday, March 9, 2013

අමෙරිකාවට ගහන්නත් අපට හැකියාව තියෙනවා උ. කොරියා නායක

උතුරු කොරියාව විසින් පෙබරවාරි මාසයේ දි සිදු කළ න්‍යෂ්ටික පරීක්ෂණයට විරෝධය දැක්වීමක් වශයෙන් එරටට එරෙහිව ජගත් සංවිධානය විසින් 24 වෙනි වරටත් සම්බාධක පනවයි. 

එය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ඇතුළත දී දකුණු කොරියාව ආක්‍රමණය කිරීමට එරෙහි ගිවිසුම අත්හිටුවන බවත් එරටට එරෙහි දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවත් උතුරු කොරියාව ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් කොරියා අර්ධදීපයේ දැඩි උණුසුම්කාරි තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව අමෙරිකාවට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවටත් පෙරේදා වහසි බස් කියා තිබේ. 

උතුරු කොරියාව මෙන්ම දකුණු කොරියාවත් ලබන සතියේ දි ඉහළ පෙළේ හමුදා අභ්‍යාස පැවැත් වීමට දැනටමත් සැලසුම් කර තිබේ. ආක්‍රමණශීලී නොවන බවට දෙරට ගිවිසුමකට එළැඹුණේ 1991 දි යි. දෙරට අතර දුරකථන සබඳතා විසන්ධි කරන බවට ද උතුරු කොරියාව අනතුරු අඟවා තිබේ.

සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත ජගත් ආරක්ෂක කවුන්සලය විසින් පනවා ඇති මෙම සම්බාධක හේතුවෙන් උතුරු කොරියාව ජගත් සංවිධාන අසාදු ලේඛනයට ද ඇතුළත් කර තිබේ. නව සම්බාධක උතුරු කොරියාවට දැඩි බලපෑමක් සිදුකරනු ඇතැයි පවසන ජගත් සංවිධාන අමෙරිකා තානාපතිනි සූසන් රයිස් එරට තවදුරටත් හුදකලා බවට පත්වනු ඇතැයි ද ප්‍රකාශ කරන්නීය. 

මෙම සම්බාධක ක්‍රියාත්මක කිරීමට චීනය ද පූර්ණ සහාය ලබාදිම විශේෂත්වයකි. ප්‍රකෝපකාරී ක්‍රියාවක් කළහොත් පුර්ණ සටනකට අවතීර්ණ වන බවට උතුරු කොරියා නායක කිම් ජොං - යුන් පෙරේදා අනතුරු ඇඟවීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all