Saturday, March 9, 2013

ප්‍රභාකරන්ගේ බාල පුතා බාලචන්ද්‍රන් මැරුණේ මෙහෙමයි!

ප්‍රභාකරන්ගේ බාල පුතාගේ ඡායාරූප තුනක්‌ ඇසුරෙන් ගොඩනැඟුණු කතාවක්‌, මේ දිනවල ලෝක මානව හිමිකම් ක්‌ෂේත්‍රයේ අවධානය දිනාගෙන තිබේ. ප්‍රභාකරන් දරුවන් තිදෙනකුගේ පියකු වූ අතර වැඩිමලා චාල්ස්‌ ඇන්තනි ද මද්දුමයා ද්වාරකා ද, බාලයා බාලචන්ද්‍රන් ද විණ. බාලචන්ද්‍රන් උපත ලබන්නේ 1996 ජනවාරි දහ වැනිදාය. ප්‍රභාකරන් විසින් ඉන් දින 21 කට පසු ශ්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ලොරියක්‌ එවන්නේ එම සතුට සමරන්නටදැයි වාර්තා වී නැතත් එයින් නිරායුධ සිවිල් වැසියන් අනූවක්‌ මියගිය අතර 1400 ක්‌ තුවාල ලැබූහ.

ප්‍රභාකරන්ගේ බාල පුතාගේ යෑයි සඳහන් කරමින් නිකුත් වී තිබෙන ඡායාරූප ඇතුළත් වී ඇත්තේ චැනල් ෙµda නාලිකාව විසින් නිපදවන ලද "නෝ µයර් සෝන්ථ ද කීලින් µSල්ඩ්ස්‌ ඔµa ශ්‍රී ලංකා" යන වාර්තා වැඩසටහනේය. මෙහි අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ විසින් අදාළ ඡායාරූප තුන ඇසුරෙන් අපූර්ව කතාවක්‌ නිපදවා තිබේ. පළමු පින්තූර දෙකෙහි තිබෙන්නේ කොට කලිසමකින් හා නිරුවත් උඩුකය, කරෙන් සරමක්‌ පෙරවීමෙන්a වසාගෙන, වාඩිලාගෙන සිටින වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවෙකි. ඔහු සාමාන්‍ය බැල්මකින් සිටින අතර යමක්‌ ආහාරයට ගනිමින් හා දුර ඉලක්‌කයක්‌ දෙස බලන ආකාරය පෙන්නුම් කරයි. පසෙකින් කෝප්පයක්‌ ඇති අතර ඔහු සිටින්නේ බංකරයක බව පැහැදිලිව තිබේ.

අවසන් ඡායාරූපයේ ඇත්තේ එම කොට කලිසමෙන්ම මියගොස්‌ සිටින දරුවකුගේ සිරුරකි. සිරුරේ තැන් කීපයක වෙඩි වැදීමෙන් වූ සිදුරු දැකගත හැකිය.

මෙම ඡායාරූපය ඇසුරෙන් කැලම් මැක්‌රේ නිපදවා තිබෙන කතාව, වෘතාන්තයකට වඩා පරීක්‍ෂණයක්‌ සඳහා කෙරෙන පැමිණිල්ලක්‌ බව කිව යුතුය.

ශ්‍රී ලංකා හමුදාව විසින් ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් ඝාතනය කර ඇතැයි යන චෝදනාව මෙහිදී ඉදිරිපත් කර ඇති අතර එහි මානව හිමිකම් ඛණ්‌ඩනය සඳහා පරීක්‍ෂණයක්‌ ලෙස විභාග කළයුතු බව ඔවුනගේ අදහසය.

මෙම චෝදනාවේ සඳහන් කරුණු ගැන විස්‌තරාත්මක කිරීමට පෙර මෙය අපැහැදිලි පැමිණිල්ලක්‌ බව සඳහන් කිරීම යුක්‌තය. සාමාන්‍ය සිද්ධියකදී වුව පොලිසිය වෙත කරනා පැමිණිල්ලකදී අදාළ පැමිණිල්ල සාක්‍ෂි, සාධක සහිත කතාවක්‌ ලෙස සකසා තිබිය යුතුය. එය පැමිණිල්ලේ බලසම්පන්නභාවය පිණිස හේතු වන්නකි. එසේ නොමැතිව අවම සාධක ප්‍රමාණයකින් එයට නොපෑහෙන කතාවක්‌ කියයි නම්, එය දුර්වල පැමිණිල්ලක්‌ ලෙසත් ඊටත් වඩා කට කතාවකට සමීප තත්ත්වයක්‌ බවටත් පත්වේ.

කැලම් මැක්‌රේ කරන පැමිණිල්ලද ගත හැක්‌කේ සාධක අඩු ඡායාරූප තුනකින් විශාල කතාවක්‌ ගෙතීමට තැත් කරන ලද පැමිණිල්ලක්‌ ලෙසය. ශ්‍රී ලංකා හමුදාව විසින් ප්‍රභාකරන්ගේ බාල පුතා ඝාතනය කර ඇතැයි යන චෝදනාව සඳහා මෙම ඡායාරූප තුන උපයෝගී කර ගන්නේ නම් එය පැමිණිල්ලකට වඩා කටකතාවක්‌ සඳහා උපයෝගී කරගත් ඡායාරූප තුනක්‌ ලෙස හැඳින්විය හැකිය.

පළමු පිංතූර දෙකේ ශ්‍රී ලංකා හමුදාව හෝ එයට සම්බන්ධ සංකේතාත්මක කිසිවක්‌ නිරූපනය නොවෙතත්, මැක්‌රේ විසින් එය හඳුන්වා දී තිබෙන්නේ, ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා බංකරයක්‌ ලෙසිනි.

අවසාන ඡායාරූපය සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ඩෙරික්‌ µවුන්ඩර්ගේ සහාය මැක්‌රේ විසින් ලබාගෙන තිබේ. මහාචාර්යවරයාට අනුව දරුවාගේ ඇස්‌ බැඳ හෝ දැත් බැඳ මෙම මරණය සිදුකර ඇතැයි සිතිය හැකි අතර වෙඩි ලකුණු පරීක්‍ෂා කරමින් ඔහු පෙන්වා දී තිබෙන්නේ අඩි දෙක තුනක්‌ හෝ ඊට අඩු දුරක සිට තබන වෙඩි මගින් මෙම මරණය සිදුවී තිබෙන බවය.

ඉන්පසු තිබෙන සියලු සාධකයන් වෙත මැක්‌රේ යොමුවන්නේ මෙම චෝදනාව සත්‍යය යන තැන සිට එය මානව හිමිකම් කඩකිරීමේ තත්ත්වයක බරපතළ ලෙස යෙදී තිබෙන බව පෙන්වා දීමටය.

චෝදනා ඉදිරිපත් කරන පාර්ශ්වය පළමුකොටම කළයුත්තේ මෙය ශ්‍රී ලංකාව තුළ සිදුවුණු සිද්ධියක්‌ බව පෙන්වා දීමය. ශක්‌තිමත් පැමිණිල්ලක්‌, මැක්‌රේ විසින් ඉදිරිපත් කරනවා නම් එවැනි තැන් වලින්ම සිය සාධනයට බැසිය යුතුය.

ශ්‍රී ලංකාවේ සිදුවූ යුද්ධයේදී මේ සිද්ධිය වූවා යෑයි උපකල්පනය කර ඉදිරියට යන්නේ නම් හා ඡායාරූප වල සිටින්නේ ප්‍රභාකරන්ගේ බාල පුතා යෑයි උපකල්පනය කරන්නේ නම් මොහුගේ මරණය සිදුවිය හැකි ප්‍රධාන ආකාර තුනක්‌ ගැන සිතිය හැකිය.

1. ශ්‍රී ලංකා හමුදාවට භාර වීමෙන් පසු හෝ ශ්‍රී ලංකා හමුදාව විසින් අල්ලාගත් පසු බාලචන්ද්‍රන් වෙඩි තබා ඝාතනය කිරීම

2. දෙපිsරිස අතර සටනේදී වෙඩි වැදීමකින් මිය යැම.

3. එල්.ටී.ටී.ඊ.ය විසින් බාලචන්ද්‍රන් ඝාතනය කිරීම.

කැලම් මැක්‌රේගේ පාර්ශ්වය විසින් කරන පැමිණිල්ලේ අවශ්‍යතාව වී ඇත්තේ පළමු කාරණය සනාථ කර ගැනීමය.

ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන අදහස වී ඇත්තේ මෙම දරුවා ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් බංකරයක රැඳී සිටි බවය. මෙම බංකරය කුමන පාර්ශ්වයකට අයත්දැයි නිශ්චිතව ප්‍රකාශ කළ හැකි සාධක කිසිවක්‌ එම ඡායාරූපයේ නැත. මෙවැනි මාදිලියේ වැලි කොට්‌ට ශ්‍රී ලංකා යුද හමුදාව සේම එල්.ටී.ටී.ඊ.යද සතු විය. වෙඩිතලතිව්, නාච්චිකුඩා වැනි ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඉදිකරන ලද විශාල අගල් සහිත බංකර සාදා තිබුණේ මෙවැනි වැලි කොට්‌ට යෙදීමෙනි.

ප්‍රභාකරන්ගේ පවුලේ පිරිස්‌, මානුෂිය මෙහෙයුම දියත් වන විට රැඳී සිටින්නට ඇත්තේ ඔහු සමගම බව සිතිය හැකිය. මියගිය බොහෝ කොටි නායකයන්ගේ පවුල්ද සිටියේ එසේය. එසේ නම් ප්‍රභාකරන්ගේ බාල පුතා ද බොහෝ විට සිටින්නට ඇත්තේ ප්‍රභාකරන් සිටි ආසන්න තැනක විය හැකිය.

එම ප්‍රදේශවල බංකර් ඉදිකිරීමේ අවශ්‍යතාවයක්‌ හමුදාවට නොවූයේ ඔවුන් ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට යන පිරිසක්‌ හෙයිනි. බංකර් ඉදිකිරීම දැඩි අවශ්‍යතාවක්‌ බවට ඒ මොහොතේ පත්ව තිබුණේ ආරක්‍ෂාකාරී තත්ත්වයක සිටි එල්.ටී.ටී.ඊ.යටය. මානුෂික මෙහෙයුමේ දී යුද හමුදාව වැඩි වශයෙන් රැඳී සිටියේ අතහැර තිබූ කොටින්ගේ නිවාස සහ බංකර් තුළය. නිවාස අතහැරීමත් සමග කොටි නායකයන් සඳහා හදිසි බංකර් අවශ්‍යතාවයක්‌ද මතුවන්න ඇත. එසේ බලන විට මෙම ඡායාරූපයේ සිටින්නේ බාලචන්ද්‍රන් නම් ඔහු රැඳී සිටින්නේ හමුදා බංකරයක යෑයි කියනවාට වඩා සාධක තිබෙන්නේ කොටි බංකරයක යෑයි කීමටය.

මෙම දරුවා සිටින්නේ සරමක්‌ දෙවුරේ පොරවාගෙනය. එසේම ඔහු නිදහසේ ආහාර ගන්නා ස්‌වරූපයක්‌ ගම්‍ය වේ. ඔහුගේ ඉරියව්වල කිසිම ආකාරයක බියජනක හැඟීමක්‌ නැත.

දරුවා පොරවාගෙන සිටින අන්දමේ සරම් සාමාන්‍යයෙන් අඳින්නේ දෙමළ හෝ මුස්‌ලිම් ජාතිකයන්ය. සිංහල ජාතිකයන් බහුතරයක්‌ අඳින සරම් විලාසිතාව මෙය නොවේ. හමුදා බංකරයක්‌ තුළ කිසිදු බියජනක ආකාරයකින් තොරව ආහාර ගනිමින් සරමක්‌ පොරවාගෙන සිටින්නට ප්‍රභාකරන්ගේ පුතාට හැකිනම් ඔහුගේ ජීවිතයට එම නිදහස්‌ හැසිරීම හා ආහාර ලබාදුන් හමුදාව විසින්ම වෙඩි තබයිද? එසේම කිසිදු බියකින් තොරව සතුරු බංකරයක මෙවැනි දරුවෙක්‌ තම මව, පියා හෝ තමන් ඇසුරු කරන පුද්ගලයන්ගෙන් තොරව සිටීවිද? මේ සමගම මතක තබා ගත යුත්තේ මේ ස්‌ථානය යුදමය පරිසරයක්‌ බවය.

ඡායාරූපයේ තිබෙන දත්ත සමග තර්කාන්විත ලෙස කරුණු ගෙන බලන විට වැඩි බරක්‌ තිබෙන්නේ මේ දරුවා රැඳී සිටින්නේ එල්.ටී.ටී.ඊ. බංකරයක වන කරුණුවලටය.

අනෙක්‌ ඡායාරූපයේ තිබෙන මළ සිරුරද එවැනි විවාදසම්පන්න ඡායාරූපයකි. මැක්‌රේගේ චිත්‍රණයට අනුව එය හමුදාව විසින් මරා දමන ලද බාලචන්ද්‍රන්ය. බාලචන්ද්‍රන්ගේ සිරුර අසල පුද්ගලයන් සතර දෙනකුගේ අඩි තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව වැනි වෘත්තීය මට්‌ටමේ රාජ්‍ය හමුදාවක්‌ නිල ඇඳුම පළඳින ආකාරය අනිවාර්ය කාරණයකි. මෙහි දකින්නට ලැබෙන පුද්ගලයන් සතර දෙනාගෙන් දෙදෙනකුම පැළඳ සිටින්නේ සෙරෙප්පුය. දෙදෙනෙක්‌ සපත්තුය. ක්‍රියාන්විත අවස්‌ථාවන්හිදී පවා ශ්‍රී ලංකා හමුදාව සපත්තු පළඳින අතර එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් බොහෝ අවස්‌ථාවල පළඳින්නේ සෙරෙප්පුය. නිල ඇඳුම පිළිබඳ තදබල බලකිරීමක්‌ එවැනි ත්‍රස්‌තවාදී සංවිධාන වල අඩු අතර එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් බහුල ලෙස සෙරෙප්පු පළඳින්නන් වන අතර යුද හමුදාව ක්‍රියාන්විත අවස්‌ථාවල මුළුමණින්ම පළඳින්නේ සපත්තුය. ඒ කාරණය අනුව දරුවාගේ මළ සිරුර අසල සිටින පුද්ගලයන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යෑයි කීමේ සම්භාවිතාව වැඩිය.

මැක්‌රේ විසින් සිය සාධනය සඳහා යොදාගෙන ඇති මහාචාර්ය ඩෙරික්‌ පවුන්ඩර් පවසා තිබෙන පරිදි වෙඩි තැබීමකින් මරණ සිදුව ඇති බව කියතත් එය ශ්‍රී ලංකා හමුදාව විසින් තබන ලද වෙඩිල්ලක්‌ යෑයි සහතික කළ නොහැකිය. දරුවා සිටින බංකරය හමුදාවට අයත් බව මැක්‌රේ පවසන්නේ එම වෙඩිවල අයිතිය හමුදාවට පැවරීම සඳහා නමුත්, බංකරයේ අයිතිය සඳහා වැඩි සාධක එල්.ටී.ටී.ඊ. යට හිමිවීමත් සමග උණ්‌ඩ වල අයිතිය හමුදාවෙන් ගිලිහී යයි. එවිටම එම උණ්‌ඩ වල අයිතිකරුවා එල්.ටී.ටී.ඊ. ය වීමේ වැඩි සම්භාවිතාවක්‌ ඇති වෙයි.

ශ්‍රී ලංකා හමුදාව විසින් මානුෂීය මෙහෙයුම දියත් කළ අවසාන කාලයේ දෙමළ ජනතාව ලක්‍ෂ ගණනින් බේරා ගැනීම සඳහා සටන් විරාම කාල පවා ඇති කරනු ලැබීය. ඒ අනුව දෙමළ වැසියෝ පවුල් පිටින් හමුදාව සිටින අඩවියට පැමිණයහ. එල්.ටී.ටී.ඊ. නායකයන් මරා දැමුවද ඔවුන්ගේ පවුල්වල පිරිස්‌ අදටත් ජීවත් වන්නේ යුද හමුදාව විසින් මානුෂික ඇසින් බලමින් යුද්ධයක්‌ කළ නිසාය. මෙහිදී ගත හැකි හොඳම උදාහරණය සුසෙයිය. සුසෙයි සැලකෙන්නේ ප්‍රභාකරන් හැරුණුකොට පිරමීඩයේ ඊළඟ පඩියේ සිටි නායකයන් කිහිප දෙනාගෙන් කෙනෙකු ලෙසය. සුසෙයිගේ පවුලේ සාමාජිකයන් හමුදා අත්අඩංගුවට පත් වූයේ මහා සයුරේදීය. එම අවස්‌ථාවේ ඔවුන් හඳුනාගන්නට හමුදාව සමත් වුවත් ඔවුන්ගෙන් පළිගන්නා තැනකට හමුදාව ගියේ නැත. සයුරු මධ්‍යයේදී එම පිරිස මරා දැමුවද ඒ ගැන කිසිදු සාක්‍ෂියක්‌ ඉතිරි වන්නේ නැත. එසේ තිබියදීත් සුසෙයිගේ බිරිඳ හා දරුවන් අදටත් හමුදාවේ සරණින් ජීවතුන් අතරය.

ප්‍රභාකරන්ගේ දෙමවුපියන් ගැන කතාවද එසේමය. ප්‍රභාකරන්ගේ පවුලේ සාමාජිකයන් මරා දැමීම සඳහා හමුදාවට අවශ්‍ය වුණානම් ඔහුගේ දෙමවුපියන් හමුදාව විසින් බේරාගෙන ආරක්‍ෂිතව රැගෙන ආවේ ඇයිද යන ප්‍රශ්නය පැනනගී. මේ සාධක වලින් පෙන්වන්නේ කැලම් මැක්‌රේ මවන්නට යන චිත්‍රය වැරැදි බවය.

අනෙක්‌ අතින් වගකීමය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, ආරක්‍ෂක ලේකම්වරයා, හිටපු යුද හමුදාපතිවරයා හා වත්මන් යුද හමුදාපතිවරයා විසින් සහතික කොට කියා සිටින්නේ එවැනි මරණයක්‌ තම පාර්ශ්වය විසින් නොකළ බවය.

අවධාරණය කර ලිවිය යුත්තේ, හිටපු යුද හමුදාපති සරත් ෙµdන්සේකා පවතින ආණ්‌ඩුව සමග එදිරිවාදිකම් තිබෙන චරිතයක්‌ව සිටීම නිසා ඔහු විසින් කරන සඳහන වැදගත් බවය.

දරුවාගේ මරණය සිදුවීමට ඉඩ ඇතැයි උපකල්පනය කළ හැකි තවත් කරුණක්‌ වන්නේ දෙපිලේ වෙඩි හුවමාරු අතරේදී ඔහුට වෙඩි වැදී මිය යැමය. යුද්ධයේ අවසාන අදියරේදී එල්.ටී.ටී.ඊ. නායකයන් බහුතරයක්‌ සිටියේ එක පොදියටය. ප්‍රභාකරන්ගේ පුතා ද සිටින්නට ඇත්තේ මෙම පොදිය තුළය. අවසානය දක්‌වාම සිය ජීවිතය බේරා ගන්නට ප්‍රභාකරන් උත්සාහ දැරූ බව මාධ්‍ය වාර්තා කර තිබූ අතර එතැනදී තම පවුලත් ජ්‍යෙෂ්ඨයනුත් බේරීම සඳහා එකට සිටින්නට ඇති ඉඩ වැඩිය. හමුදාව මෙතැනදී යොදන වෙඩි බලයත්, අන්තිම තැනදී එල්.ටී.ටී.ඊ.ය යොදන වෙඩි බලයත් සුළුපටු නොවේ. එවැනි මොහොතක මෙවැනි දරුවකුට හාස්‌කම් සහිත රැකවරණයක්‌ මිස අන් යමක්‌ අපේක්‍ෂා කළ හැකිද? එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් මියගියේද ඒ ආකාරයෙන් නම් පුතාට එම ඉරණම අත්විය නොහැකිද?

දරුවාගේ මරණය සම්බන්ධයෙන් ඉතිරිව තිබෙන උපකල්පනය වන්නේ ඒ ගැන තිබෙන ශෝචනීයම උපකල්පනය වන එල්.ටී.ටී.ඊ.ය හෝ ප්‍රභාකරන් විසින් දරුවා මරා දැමීම යන්නය. මැක්‌රේ සිය සාධනය සඳහා යොදාගන්නා අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩෙරික්‌ පවුන්ඩර්ගේ ප්‍රකාශයට මෙහිදී වැදගත් තැනක්‌ හිමි වෙයි.

පරාජය එළිපත්තට පැමිණෙන විට එහි හිමිකරුවෝ හැසිරෙන ආකාරය සඳහා හොඳ උදාහරණයක්‌ ලෙස ගත හැක්‌කේ හිට්‌ලර්ය. සිය බිරිඳ ඊවා බ්‍රවුන්ට හා සුරතල් සුනඛයා වූ බ්ලොන්ඩිට ද වෙඩි තැබූ හිට්‌ලර් තෙමේද වෙඩි තබාගෙනම මෙලොවින් තුරන් විය.

හිට්‌ලර්ට දරුවන් නොසිටිය හෙයින් දරුවන් සිටින කෙනෙකුගේ එවැනි මොහොතක හැසිරීමකට ගත හැකි උදාහරණයකි ගොබෙල්ස්‌. හිට්‌ලර්ගේ යාන්ත්‍රණයේ ප්‍රචාරක ඇමැති වනවාට අමතරව, ඔහුගේ විශ්වාසවන්තම සගයකුද වන්න ගොබෙල්ස්‌ට හැකි විය. රුසියානු හමුදාව පැමිණීම සන් කරමින් කස හඬ සේ සතුරු වෙඩි සර නිකුත් වෙනවිට ජෝශප් ගොබෙල්ස්‌ගේ තෝරා ගැනීම වූයේද හිට්‌ලර් ගත් මඟමය. වයස දොළහ හා හතර යන සීමාව තුළ සිටි සිය දරුවන් හය දෙනාට මෝර්µSන් එන්නත් කළ ගොබෙල්ස්‌ එම සිsහිසුන් සිඟිති මුඛයන්ට සයිනයිඩ් පෙති ඇතුල් කර දරුවන් මරණයට පත් කළේය. ''මගේ දරුවන් ජීවත් වී නින්දා අපහාස විඳිනවාට වඩා මියයැම සැපතකි'' යන තැන සිට ගොබෙල්ස්‌ සිය තීරණය සාධාරණීකරණය කර තිබුණි. අවසානයේ ගොබෙල්ස්‌ සියදිවි තොරකර ගත්තේය.

මේ හා සමාන සිද්ධියක්‌ එල්.ටී.ටී.ඊ. නායකයා හෝ ප්‍රබලයන් විසින් තිබුණු තත්ත්වය හමුවේ අනුගමනය කළාද?

කොටි බුද්ධි අංශ නායක පොට්‌ටුඅම්මාන්ගේ බිරිඳගේ මරණය පිළිබඳව, දිවි බේරාගත් ත්‍රස්‌තවාදීන් විසින් පවසන ලද කතාවක්‌ මෙම ප්‍රශ්නය සඳහා වන පිළිතුරට උපකාරයක්‌ ලෙස යොදා ගත හැකිය. පොට්‌ටුඅම්මාන්ගේ බිරිඳ තුවාල ලබා සිටි තත්ත්වය හමුවේ ඇයට වෙඩි තබා ඝාතනය කර තිබුණේ පොට්‌ටු අම්මාන් බව එම පිරිස්‌ පවසා තිබුණි.

තමන්ගේ දරුවන්ගේ වටිනාකම දන්නා පියෙකුට, සියලු දරුවන් සිය දරුවන් සේ බවට වන පිළිගැනීමක්‌ සමාජයේ තිබේ. එහි විලෝමය අනුව දරු පරපුරකට හිතැති අයකු තම දරුවන්ටද සෙනෙහස්‌ බර පියෙකු වේ. ප්‍රභාකරන්ගේ නියෝග මත මන්නා පහරවල් මතින් බොකු බඩවැල් එළියට ඇද බෙලි කපා මරා දැමූ දරුවන් ගණන සංඛ්‍යා ලේඛනගත කිරීම අසීරු කාර්යයකි. ප්‍රභාකරන්ගේ දරු සෙනෙහසේ මාත්‍රාව පිළිබඳව එතැනින් ඉඟියක්‌ ලබාගත හැකිය. ඒ අනුව ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන්ගේ ඉරණම තීන්දු වූයේ එවැනි කෲර ආකාරයකින්ද යන උපකල්පනයටද තැනක්‌ තිබේ.

පින්තූර තුනක්‌ උපයෝගී කරගෙන කැලම් මැක්‌රේ ගොතන කතාව පමණක්‌ නොව ඒ පින්තූර තුනෙන් තවත් කතා මතුවන බව පමණක්‌ දැනට පෙන්වා දිය හැකිය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all