කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ ගුරුවරියක වන කේ. එම්. එන්. ආර්.
චන්දිමා ජයවර්ධන මහත්මියට (28 වැනිදා) උදේ විදුහල්පති
කාර්යාලය තුළදී විදුහල්පතිවරයා විසින් පහරදීම නිසා මේ වන විට
එම ගුරුවරිය කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
නිවාඩු වාර්තාවල පිටපත් ලබා ගැනීම සඳහා
විදුහල්පති කාර්යාලයට ගිය අවස්‌ථාවේදී විදුහල්පතිවරයා තමාට
පරුෂ වචනයෙන් බැනවැදී බෙල්ලට පහර දුන් බව ගුරුවරිය පැවැසුවාය.
පසුව ඇය කෑගසමින් ගුරු කාමරය වෙත ගොස් සිද්ධිය පිළිබඳව සිය සැමියට දැන්වීමෙන් පසුව රෝහල්ගත වූ බව ඇය "දිවයින"ට කීවාය.
මේ පිළිබඳව කන්තලේ මූලස්‌ථාන පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිමල් බණ්‌ඩාර මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පැවැත්වේ.

0 comments:
Post a Comment