Photobucket

Friday, March 1, 2013

ද ෆිනෑන්ස්‌ කොටස්‌ මිලදී ගැනීම ඉතිරි කිරීමේ බැංකු හිටපු සභාපතිට ලක්‍ෂ 100 බැගින් ඇප 2 ක්‌

ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමෙන් අනතුරුව සිය නීතිඥයන් සමග අධිකරණයෙන් පිටව ගිය අයුරු.

නීති විරෝධී ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වත්කම් යොදා ගනිමින් ද ෆිනෑන්ස්‌ සමාගමේ කොටස්‌ මිලදී ගැනීමෙන් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස්‌ කොමිසම මගින් පැවරූ නඩුවකට අධිකරණය හමුවේ පෙනී සිටි එම බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා රුපියල් ලක්‍ෂ 100 බැගින් වූ පෞද්ගලික ඇප දෙකක්‌ මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා (28 දා) නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස්‌ කොමිසමේ නීතිඥවරියක සමග රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු ද විත්තිය වෙනුවෙන් නීතිඥ කණ්‌ඩායමක්‌ සමඟ නීතිඥ සාලිය පීරිස්‌ මහතා ද කළ කරුණු දැක්‌වීම් කෙරෙහි සැලකිලිමත් වෙමින් විත්තිකාර හිටපු සභාපතිවරයා ඇපමත මුදා හැරීමට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා ඇප කොන්දේසි ලෙස ඔහුගේ විදෙස්‌ ගමන් තහනම් කරන බවත් විදෙස්‌ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසත් නියෝග කළේය.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අල්ලස්‌ පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව දූෂණ චෝදනා යටතේ ජාතික ඉතිsරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් ගාමිණී සුරා- කාරියවසම් මහතාට එරෙහිව පසුගිය ඔක්‌තෝබර් 25 දා සිදු කළ චෝදනා ගොනු කිරීම අනුව එම චෝදනා කියවා බාර දීමට මෙම නඩුව ඊයේ (28 දා) කැඳවනු ලැබූ අතර එහිදී විත්තිකරුට එරෙහිව චෝදනා 4 ක්‌ යටතේ සංශෝධිත චෝදනා පත්‍රයක්‌ ගොනු කර තිබිණි.

2012 මාර්තු මස 14 වැනි දින සිට එම මැයි මස 03 දක්‌වා කාල පරිච්ඡේදයේදී රජයේ සේවකයකු ලෙස එනම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ආණ්‌ඩුවට අයුතු සහගත හා නීතිවිරෝධී ලෙස පාඩු සිදුවිය හැකි බව දැන දැනම එලෙස පාඩු සිදු කිරීමේ ෙච්තනාවෙන් ස්‌වකීය ධුරය ප්‍රකාර කිරීමට තමාට බලය පැවරී ඇති ක්‍රියාවක්‌ කිරීමෙන් එනම් ජාතික ඉතිරි කිරීමේ බැංකුව කොටස්‌ මිලදී ගැනීමේදී පිළිපැදිය යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමෙන් සහ ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් ඕනෑකමින් වැළකී සිට සීමාසහිත ද ෆිනෑන්ස්‌ සමාගම සතු කොටස්‌ 7,86,32,326 ක්‌ මිලදී ගැනීමෙන්,

එම ක්‍රියා කලාපයේදීම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරි හෙන්නායක මුදියන්සේලාගේ හෙන්නායක බණ්‌ඩාර යන අයට ද ෆිනෑන්ස්‌ සමාගමේ කොටස්‌ 7,863,362 ක්‌ මිලදී ගැනීම සඳහා නියමිත මුදල් ගෙවීමට කටයුතු කිරීමට පෙළැඹීමෙන්,

තමා වෙත අයුතු සහගත නීති විරෝධී අර්ථ ලාභයක්‌ හෝ අනුග්‍රහයක්‌ හෝ වාසියක්‌ සැලසෙන බව දැන දැනම එසේ සිදු කිරීමේ ෙච්තනාවෙන් ස්‌වකීය ධුරය ප්‍රකාර කිරීමට තමාට බලය පැවරී ඇති ක්‍රියාවක්‌ කිරීමෙන් එනම් ද ෆිනෑන්ස්‌ සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය වෙත තමාව පත් කරන ලෙස ද ෆිනෑන්ස්‌ ආයතනය වෙත දන්වා යෑවීමට කටයුතු කිරීමෙන් සහ වෙනත් තැනැත්තකුට අයුතු සහගත නීති විරෝධී අර්ථ ලාභයක්‌ හෝ අනුග්‍රහයක්‌ හෝ වාසියක්‌ සැලසෙන බව දැන දැනම එසේ සිදු කිරීමේ ෙච්තනාවෙන් ස්‌වකීය ධුරය ප්‍රකාර කිරීමට තමාට බලය පැවරී ඇති ක්‍රියාවක්‌ කිරීමෙන් එනම් ද µsනෑන්ස්‌ සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල ධුරයක්‌ සඳහා ශාන් චන්ද්‍රසේකරන් ෂන්මුගනාදන් යන අය පත් කරන ලෙසට ද ෆිනෑන්ස්‌ සමාගම වෙත දන්වා යෑවීමට කටයුතු කිරීමෙන්,

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වැනි වගන්තියෙන් කියෑවෙන දූෂණ චෝදනා යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්‌ සිදු කර ඇති බවට විත්තිකරුට එරෙහි ගොනු කළ සංශෝධිත චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.

අදාළ කොටස්‌ මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ද ෆිනෑන්ස්‌ සමාගම අතර ඇති කර ගැනීමට යෝජිත රහස්‍ය හා තොරතුරු හෙළි නොකිරීමේ ගිවිසුම, තැප්‍රොබෙන් සෙකියුරිටි (පෞද්ගලික) සමාගම ද ෆිනෑන්ස්‌ සමාගමේ කොටස්‌ විකිණීම සම්බන්ධයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ඉදිරිපත් කළ ලේඛන, ගනුදෙනුවට අදාළව බැංකුව සකස්‌ කළ පුවත්පත් දැන්වීම්, බැංකු ලේකම්වරයාගේ සටහන් හා කොටස්‌ මිලදී ගැනීමට අදාළ ගිවිසුම් හා ලේඛන 60 ක්‌ මෙම නඩුවේ නඩු භාණ්‌ඩ ලෙස නම් කර ඇත.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විධායක නිලධාරි, ප්‍රධාන විධායක, සාමාන්‍යාධිකාරි, නීති නිලධාරි, අවදානම් හා අනුකූලතා අංශයේ ප්‍රධානී හා රහස්‍ය ලේකම් ඇතුළු පුද්ගලයන් 27දෙනකු මෙහි සාක්‍ෂිකරුවන් ලෙස නම් කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස්‌ කොමිසමේ නීතිඥ සුනේත්‍රා ජයසිංහ මහත්මිය සමඟ එක්‌වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා කරුණු දක්‌වමින් විත්තිකරුට එරෙහි පැමිණිල්ල ගොනු කළ පසු අල්ලස්‌ කොමිසම ඊට අදාළව නීතිපති උපදෙස්‌ ගැනීමක්‌ සිදු කළ බවත් ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතාගේ අධීක්‍ෂණය යටතේ චෝදනා සංශෝධනයක්‌ සිදු කළ බවත් දන්වා සිටියේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136Ê(1)Ê(අ) වගන්තිය ප්‍රකාරව විත්තිකරුට එරෙහි සංශෝධිත චෝදනා පත්‍රයක්‌ ගොනු කරන බව දන්වා සිටි රජයේ නීතිඥවරයා විත්තිකරුට එම සංශෝධිත චෝදනා පත්‍රය කියවා බාර දීමට වෙනත් දිනයක්‌ ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ කණ්‌ඩායමක්‌ සමග පෙනී සිටි නීතිඥ සාලිය පීරිස්‌ මහතා කරුණු දක්‌වමින් තම සේවාදායකයාට එරෙහි අලුත් චෝදනා පත්‍රයක්‌ බාර දීම හා ගැනීම සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතාවක්‌ දක්‌වා සිsටින බවත් එම විරෝධතාවට යටත්ව අධිකරණය සුදුසු පියවරක්‌ ගන්නා ලෙසත් දන්වා සිටියේය.

නීතිඥ සාලිය පීරිස්‌ මහතා - මුලින් අල්ලස්‌ කොමිසම එනවා. ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුව එනවා. අධිකරණය තීරණයක්‌ ගන්න.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා විත්තිකාර සභාපතිවරයා රුපියල් ලක්‍ෂ 100 ක්‌ වටිනා පෞද්ගලික ඇප දෙකක්‌ මත කොන්දේසි සහිතව මුදාහරිමින් විත්තිකරුට එරෙහි ගොනු කළ සංශෝධිත චෝදනා කියවා දීමට ඔහුට ලබන අප්‍රේල් 26 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

විත්තිකරු සමග ඔහුගේ පුත් ශවීන් කාරියවසම් මහතා හා ඥතීන් කීපදෙනෙකු අධිකරණයට පැමිණ සිටි අතර ඔවුහු දෙදෙනෙක්‌ ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all