Photobucket

Thursday, February 21, 2013

ඉරානයේ බුදු පිළිම තහනමක් නෑ

බුද්ධ ප්‍රතිමා ආනයනය සහ අලෙවිය සම්බන්ධයෙන් කිසිදු තහනමක් පනවා නැති බවට ඉරාන රජය තහවුරුකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා ආනයනය මෙන්ම අලෙවිය තහනම් කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළකර තිබුණද එහි කිසිඳු සත්‍යතාවක් නොමැති බවද මේ සම්බන්ධයෙන් එරට ර‍ජයේ බලධාරියෙකු ප්‍රකාශයක් නිකුත්කර තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ පොදු සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් රොඩ්නි පෙරේරා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙසට ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම්දුන් බවද පසුගිය දිනවල පළ වූ මාධ්‍ය වාර්තාවන් අසත්‍ය බවට ඉරාන සංස්කෘතික කටයුතු පිළිබඳ මූලස්ථානයේ ලේකම්වරයා දැනුම්දුන් බවද ඒ මහතා සඳහන් කළේය. 

ඉරාන රජය සමඟ ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර තිබෙන බවද බුද්ධ ප‍්‍රතිමා ආනයනය සහ අලෙවිය සම්බන්ධයෙන් කිසිඳු තහනමක් පනවා නැති බවට ඉරාන සංස්කෘතික කටයුතු පිළිබඳ මූලස්ථානයේ ලේකම් ෂහීඩ් ජබාර් අන්සාරි මහතා ප්‍රකාශකර තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all