තානාපති
සේවය අවසන් කර වහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඉතාලියේ ශ්‍රී
ලංකා තානාපති අසිත පෙරේරා මහතාට විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා
විසින්(19 වැනිදා) දැනුම් දීමක් කර ඇතැයි අමාත්‍යාංශයේ
ප්‍රකාශකයෙක් පැවැසුවේය.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම ගී්‍රසිය, මෝල්කාව, ඇල්බේනියාව සහ සයිප්‍රසයේද තානාපතිවරයා ලෙස අසිත පෙරේරා මහතා කටයුතු කරන බව හෙතෙම කීවේය.
අසිත පෙරේරා මහතාට එරෙහිව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙන්ම තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන්ද පැමිණිලි ලැබී තිබීම ඒ මහතා යළි මෙරටට ගෙන්වීමට හේතුව බව කී ඉහත ප්‍රකාශකයා පසුගිය ඉරිදා ද ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තානාපති කාර්යාලය ඉදිරිපිටදී තානාපතිවරයාට සහ ඔහුගේ ක්‍රියා කලාපයට එරෙහිව උද්ඝෝෂණ කළ බව පැවැසුවේය.
0 comments:
Post a Comment