Photobucket

Wednesday, February 20, 2013

වාද්දුව කළුගඟේ ස්ථාන 650කින් වැලිගොඩ දමති

කළුගඟ ආශ්‍රිතව දිස්ත්‍රික්කය තුළ වැලි ගොඩදමන ස්ථාන හයසිය පනහක් ක්‍රියාත්මක වන බව කළුතර භූ විද්‍යා හා පතල් කැණීම් පිළිබඳ ඒකකයේ නිලධාරියෙක් කළුතර දිසා ලේකම් කාර්යාලය පැවැති සාකච්ඡාවක දී කීවේය.

කළුග‍ෙඟන් සිදුකරන වැලිගොඩ දැමීම් නිසා කළුගං ජලයට මුහුදු වතුර ගලා ඒමෙන් කළුතර පානීය ජලයේ ලවණ මිශ්‍රණය වීමට පිළියම් යෙදීම පිළිබඳව කළුතර දිසා ලේකම් යූ.ඩී. චන්දන ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී මේ රැස්වීම පැවැත්විණි.

කළුතර හොරණ ප්‍රධාන මාර්ගයට සමාන්තරව දිවෙන කළු ගඟේ ද එම ගඟේ ඇතැම් ශාඛා ජල මාර්ගවලද මේ වැලිගොඩ දැමීම සිදුවන බවද එහිදී අනාවරණය කෙරුණි. එම ස්ථානවලලින් වැලි ගොඩ දැමීමට සතියේ දින තුනක දී අවස්ථාව ලබා දී තිබූ අතර පසුගිය කාලය කළුගඟ ලවණ ජලය මිශ්‍රවීම පාලනය කිරීම සඳහා එම වලංගු කාලය දින දෙක දක්වා අඩුකර තිබුණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all