Photobucket

Monday, February 25, 2013

සනත් ජයසූරියට සංචාරක තානාපති තනතුරක්‌

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප්‍රවීණ ක්‍රිකට්‌ ක්‍රීඩක පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා සංචාරක තානාපතිවරයකු ලෙස පත් කර තිබේ. පසුගියදා ඉන්දියාවේ බැංගලෝර්හිදී ආරම්භ වූ zගෙට්‌ ශ්‍රී ලංකන්Z තුන් දින ප්‍රවර්ධන වැඩසටහනේ පළමු අදියර වූ ශ්‍රී ලාංකීය රාත්‍රියේදී (Sරස ඛ්බන්බ භසටයඑ) මේ බව ප්‍රකාශයට පත් කෙරුණු අතර, මෙහිදී සනත් ජයසූරිය මහතා වෙත විශේෂ ඵලකයක්‌ ආර්ථික සංවර්ධන ඇමැති මුත්තු සිවලිංගම් මහතා විසින් පිළිගන්වන ලදී.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ පරිදි රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන ඒකාබද්ධව සිදු කෙරෙන ශ්‍රී ලංකාව පිළිබඳ පළමු ප්‍රවර්ධන වැඩසටහන වන ගෙට්‌ ශ්‍රී ලංකන් මේ දිනවල බැංගලෝර් හිදී පැවැත්වේ. එය මේ මස 24 වැනි දා අවසන් වීමට නියමිතය. මෙම වැඩසටහනේ මෙහෙයවීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

පසුගිය 21 වැනිදා බැංගලොර් හි ටා- හෝටලයේ පැවැති මෙම ශ්‍රී ලාංකීය රාත්‍රියට ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අම්බිරිෂ් සුදීප්, රම්‍යා, ආනින්දිතා, රායි වැනි නළු නිළියන් රැසක්‌ එක්‌විය. එමෙන්ම මේ අවස්‌ථාවට ලෝක කුසලානය දිනූ ශ්‍රී ලාංකීය කණ්‌ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා ද සහභාගි විය. තවද ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ සංචාරක නියෝජිතායතනවලින් 300 කට අධික පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ප්‍රසාද් කාරියවසම් මහතා, ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහකොමසාරිස්‌ ආචාර්ය අමීර් අ-වාඩ් මහතා, උද්භිsද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ මහතා, ශ්‍රී ලංකා සංචරණ ආයතනයේ සභාපති භාෂ්වර ගුණරත්න මහතා, ශ්‍රී ලංකා අත්කම් මණ්‌ඩලයේ සභාපති අනිල් කොස්‌වත්ත මහතා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ රූමි ජවුµර් මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ද සහභාගි වූහ.

ශ්‍රී ලාංකීය රාත්‍රිය ඊට සහභාගි වූවන් ප්‍රබෝධවත් කරමින් ශ්‍රී ලාංකීය විලාසිතා සහ සංස්‌කෘතික සංදර්ශනවලින් ඔප් නැංවිණි.

බැංගලෝරයේදී පැවැත්වීමට අපේක්‍ෂිත වැඩසටහනට සංචාරක, ආයෝජන සහ වෙළෙඳ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අයත් ශ්‍රී ලාංකීය ආයතන 60 කට ආසන්න සංඛ්‍යාවක්‌ සහභාගි වී සිටියහ. මෙම තෙදින ප්‍රවර්ධන වැඩසටහන අතරතුර, මාධ්‍ය සාකච්ඡා, විලාසිතා ප්‍රදර්ශන ඇතුළත්ව ශ්‍රී ලාංකීය සන්ධ්‍යා, ශ්‍රී ලාංකීය සූප ප්‍රදර්ශන සහ දෙරටේ වෙළෙඳ නියෝජිතයන් අතර හමු මෙන්ම වෙළෙඳ සම්මන්ත්‍රණ ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all