සංචාරක කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ඊයේ
පැවැති දෙවැනි එක්දින තරගය පන්දු 27ක් ඉතිරිව තිබියදී කඩුලු 4 කින් ජය ගැනීමට
ශ්‍රී ලංකා කාන්තා පිල සමත්විය.

තරගය ජයග්‍රහණය වෙත ගෙනගිය
දීපිකා රසාංගිකා පන්දු 91කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 55ක් රැස් කළ අතර ඩිලානි
මනෝදරා නොදැවී ලකුණු 38ක් වාර්තා කළාය. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය
කොදෙව් පිල ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 180ක් රැස් කළේය.
කොදෙව් ඉනිමේ දෙවැනි
ඕවර ක්‍රියාත්මක කළ ප්‍රබෝදනී පිට පිට පන්දු දෙකකින් කඩුලු 2ක් දවාගැනීමට
සමත්විය. ආරම්භක පිතිකාරිනි ජුනේ ඔග්ලේ එක් ලකුණු ලබාසිටියදී පන්දු කඩුල්ලේ
වැදෙමින් දැවී ගිය අතර දෙවන පන්දුවෙන් ස්ටෙෆ්නි ටේලර් ලකුණු ලබාගැනීමට පෙර
කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.
සටන්කාමී ඉනිමක් දියත් කළ ෂෙමානි කැම්බල් ලකුණු 105ක් රැස්කළාය. ඊට හතරේ පහර
8ක් හා හයේ පහර 4ක් ඇතුළත් වු අතර පන්දු 138ක් වැයවිය. කොදෙව් ඉනිමේ ලකුණු 10
සීමාව පසුකල හැකි වුයේ ක්‍රීඩිකාවන් තිදෙනකුට පමණක් වීම විශේෂ සිදුවීමකි.
පන්දු යැවීමේදී ශ්‍රී පාලි වීරක්කොඩි සහ උදේශිකා පබෝධිනී කඩුලු 3බැගින්
දවාලීය. තෙවැනි එක්දින තරගය හෙට පැවැත්වේ.
කොදෙව් -180/8 (ඕවර 50) ෂෙමානි කැම්බල් 105, ඩ්‍රැන්ඩා ඩොටින් 35, ශකිරා සෙල්මන් 12
(ශ්‍රීපාලි වීරක්කොඩි 19/3, උදේශිකා පබෝධිනී 35/3)
ශ්‍රී ලංකාව-184/6 (ඕවර 45.4) දීපිකා රසාංගිකා 55, ඩිලානි මනෝදරා නොදැවී 38, චමරි
අතපත්තු 26 (ස්ටෙෆානි ටේලර් 31/2)
0 comments:
Post a Comment