Photobucket

Tuesday, February 26, 2013

"ලංකා කැරට්‌" නමින් නව කැරට්‌ ප්‍රභේදයක්‌ හඳුන්වාදෙයි

ලංකා කැරට්‌ නමින් නව කැරට්‌ ප්‍රභේදයක්‌ බණ්‌ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ ආයතනය මගින් හඳුන්වාදී ඇත.

දීර්ඝ කාලීන පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ වශයෙන් මෙම "ලංකා කැරට්‌" හඳුන්වාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. කැරට්‌ භෝගයට වැළඳෙන පත්‍ර අංගමාරයට ප්‍රතිරෝධීතාවයක්‌ දැක්‌වීමත්, අධික වර්ෂා කාලයේදීත් රසායනික දිලීර නාශක යෙදීමකින් තොරව වගා කිරීමට හැකි වීමත් මෙහි විශේෂත්වය වන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

පෝෂණීය ගුණයෙන් ඉහළ මෙම කැරට්‌ ප්‍රභේදයේ පැහැය තරමක්‌ අඩු බවත්, නමුත් ගුණයෙන් ඉහළ බවත් අමාත්‍යාංශය පවසයි.

අධික වර්ෂා කාලයේදීත් ඉහළ අස්‌වැන්නක්‌ ලබාගත මෙම ලංකා කැරට්‌ ප්‍රභේදය ගෙවතු සහ කාබනික වගාවට වඩාත් යෝග්‍ය ප්‍රභේදයක්‌ වන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all