Tuesday, February 26, 2013

ගිය වසරේ පාඩුව බිලියන 89යි

පසුගිය වසරේ පමණක්‌ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව රුපියල් බිලියන 89 ක පාඩුවක්‌ ලැබූ බවත් තවදුරටත් මෙරට පවතින ආර්ථික ක්‍රමය හමුවේ ඛනිජ තෙල් සහනාධාරයක්‌ ලබාදීමට හැකියාවක්‌ නැති බවත් ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා  (23 දා) පැවසීය.
 
ඇමැතිවරයා මෙසේ පැවසුවේ  (22 දා) සිදුකළ ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීය.

ලංකා විදුලිබල මණ්‌ඩලයෙන් රුපියල් බිලියන 38 ක මුදලක්‌ද, දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 5 ක්‌ ද අයවිය යුතුව ඇතැයි ද ඒ අනුව දිගින් දිගටම සංස්‌ථාව ලබන පාඩුව තවදුරටත් දරාගත නොහැකි බවත් පවතින වාතාවරණය යටතේ ජනතාවට අවම බලපෑමක්‌ වන අයුරින් ඉන්ධන මිල ඉහළ දැමූ බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

ඉන්ධන බෙදාහැරීමේදී නොයෙකුත් වංචනික ක්‍රියා සිදුවන බවට තම අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවත් ඒ අනුව ඉදිරියේදී රාජ්‍ය ආයතනවලට ඉන්ධන නිකුත් කිරීමේදී නව ක්‍රමවේදයක්‌ සැලසුම් කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all