Photobucket

Tuesday, February 26, 2013

ප්‍රේමයයි වෛරයයි අතරේ...

ගායක, ජස්ටින් ටිම්බර් ලේක් නවතම ගීත එකතුවක් පසුගිය දා නිකුත් කළා. වීඩියෝ ගීත එකතුවක් වන මෙය නිකුත් කෙරුණේ ආදරවන්තයින්ගේ දිනයේ දී යි. ජස්ටින් මේ ගීත එකතුව නම් කර ඇත්තේ ‘සූට් ඇන්ඩ් ටයි’ නමින්.

මෙහි ඇතුළත් වන එක ගීතයක් නිර්මාණය වී ඇත්තේ සුපිරි ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් වෙනුවෙන්. ජස්ටින් මීට කලකට ඉහත දී මේ සුරූපී ගායිකාව සමඟ පෙමින් වෙලී සිටියා. පසු කාලයකදී ඒ ආදරය නිමාවට පත්වූයේ නැටුම් ශිල්පියෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන වේඩ් රොබ්සන් සමඟ බ්‍රිට්නි පෙමින් බැඳුණු නිසයි. 
මෙලෙස නිමාවට පත්වූ ප්‍රේමය වෙනුවෙන් නිර්මාණය වූ එම ගීතය රසික පරපුර අතර ජනප්‍රිය වී තිබෙනවා.
”ජීවිතයේ සමහර වෙලාවට හිතෙනවා, තමන්ට ගැළපෙන ම කෙනා හමුවුණාය කියලා. ඒත්, ටික කාලයක් ගතවෙද්දීයි තේරෙන්නෙ, ඒ හමුවුණේ පෙම්වතියක් නෙමෙයි, නපුරු ගැහැනියක් ය කියලා” ජස්ටින් එලෙස පැවසූවත් පසුව ඔහු පැවසුවේ තමන් බ්‍රිට්නිට ගෞරව කරන බවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all