Photobucket

Monday, February 25, 2013

නවම් පොහොයේ නැවුම් බව

බුද්ධ ශාසනයේ චිරස්‌ථිතියට උපකාරී වූ වැදගත් සිදුවීම් අතුරින් නවම් පෝය දවසක සිහි කරන ප්‍රධාන සිද්ධි දෙකක්‌ ඇත. එA අග්‍රශ්‍රාවක දෙනම පත් කිරීම හා ඕවාද ප්‍රාතිමෝක්‌ෂය දේශනා කිරීමය.

එම යුගයේ භාරතයේ පැවැති සියලු ආගම් දර්ශන සම්ප්‍රදායන් සියල්ල ඉගෙනගත් උපතිස්‌ස පරිබ්‍රාජකයා හා කෝලිත පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ සොයාගෙන වේළුවනාරාමයට පැමිණියේ සෝවාන් වූ දෙපළක්‌ හැටියටයි. පැවිදි බව ලබාදීමෙන් අනතුරුව සාරිපුත්ත, මොග්ගල්ලාන යන ශාසනික නාමයන් ලබා දී අග තනතුරු පිරිනමන ලදී.

සැරියුත් මහ රහතන් වහන්සේ ගුණයෙන් අසීමිත උත්තමයකු වුණ අතර භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසේම යහපත වෙනුවෙන් කැප වූහ. විශාල භික්‍ෂූන් වහන්සේ පිරිසක්‌ බුදුරජුන් සමග ආරාමයකට වැඩි අවස්‌ථාවක සැරියුත් මාහිමියන් අනෙකුත් භික්‍ෂූන්

නවම් පොහොයේ නැවුම් බව

වහන්සේලාට පහසුකම් සලසා සැතපෙන තැන් සහ අවශ්‍ය දැ පිළියෙල කරදී තමන් වහන්සේට සැතපෙන්නට ඉඩක්‌ නොමැතිව මිදුලේ ගසක්‌ යට සැතපුණහ. එA උන්වහන්සේගේ අනුන් වෙනුවෙන් කැපවීම හා නිහතමානී බව නිසාය.

වරක්‌ බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමගේ කාරුණික බව හා භික්‍ෂු සමාජය වෙනුවෙන් තිබෙන කැපවීම අගැයීමට ලක්‌ කළහ.

"මහණෙනි සාරිපුත්‍රයන් ඔබලාට අම්මා වගේය. මොග්ගල්ලානයන් ඔබලාට තාත්තා කෙනකු බඳුය"

මුගලන් මහ රහතන් වහන්සේ ද අතිවිශාල මෙහෙවරක්‌ බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටුකර ඇත. දිව්‍ය ආත්ම භාව ලබා සිටි සත්ත්වයන් හා ප්‍රේත ආත්ම භාව ලබා සිටි සත්වයන් මුණගැසී ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව ඔවුන් කලින් භවයේ සිටි තැන් වෙත ගොස්‌, මිනිසුන් දැනුවත් කර පින්දහම් කිරීමෙන් යහපත සැලසෙන බවත් අකුසල් කිරීමෙන් දුගතියට යන බවත් පැහැදිලි කර දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. එA අනුව බොහෝ මනුෂ්‍යයෝ වරදින් මිදී යහපතේ යෙදුණහ.

දෙව්දත් තෙරුන් විශාල භික්‍ෂු පිරිසක්‌ භේද කරවා ගයා ශීර්ෂයට

රැගෙන ගිය විට මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්ය පා ඔවුන්ගේ සිත් වෙනස්‌ කළහ. සැරියුත් මහ රහතන් වහන්සේ ධර්මය පැහැදිලි කර අවබෝධය ලබා දී නිසි මගට ගත්හ. මුගලන් මහරහතන් වහන්සේ ද අග තනතුරට යෝග්‍ය උතුමකු බව උන්වහන්සේගේ චරිතයෙන් සනාථ කර ඇත.

නවම් පුරපසළොස්‌වක පෝය දවසේ සිදු කෙරුණු අනෙක්‌ වැදගත් සිදුවීම වූයේ භික්‍ෂු සංඝයා උදෙසා ඕවාද ප්‍රාතිමෝක්‌ෂය දේශනා කිරීමයි. මුල් යුගයේ බුදු සසුනේ පැවිදි බව ලබාගත්තේ ජීවිතය පිළිබඳ හරි අවබෝධයක්‌ ඇතිව නිවන පසක්‌ කරගැනීමේ අරමුණින් යුතුවය. එම නිසා ප්‍රතිපත්තිගරුකව නිවැරදිව සංවරව දිවි ගෙවූහ. එම නිසා අවවාදයෙන් පමණක්‌ හික්‌මුණහ. ශික්‍ෂා පැනවීම අවශ්‍ය නොවීය. භික්‍ෂු ජීවිතය ගෙන යායුතු පිළිවෙත අවවාද ලෙස දේශනා කිරීම ඕවාද ප්‍රාතිමෝක්‌ෂයයි. එය ගාථා තුනකින් ප්‍රකාශ විය.

"සබ්බ පාපස්‌ස අකරණං" ආදී මේ ගාථා තුනෙන් අදහස්‌ කර ඇති කරුණු මෙසේය. සියලු වැරදි නොකිරීම, සියලු හොඳ දේ කිරීම, සිත පිරිසිදු කරගැනීම, ඉවසීම, අනුන්ට කරදර නොකිරීම, අනුන් හෙළාතලා කතා නොකිරීම, හික්‌මීමෙන් යුක්‌තවීම, ආහාරයේ පමණ දැනීම, විවේකස්‌ථානවල විසීම, ආධ්‍යාත්මික දියුණුව සලසා ගැනීම යන කරුණු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

මේ අවවාද පන්තිය අනුව බුදු සසුනේ මුල් වසර විස්‌ස සංවරශීලීව ගත විණි. කිසිදු ශික්‍ෂා පදයක්‌ අවශ්‍ය නොවිණි. පසු කලෙක පිරිස වැඩිවීම, ලාභ සත්කාර වැඩිවීම, කීර්ති ප්‍රශංසා වැඩිවීම, උගත්කම වැඩිවීම ආදී හේතු නිසා ශික්‍ෂා පද පැනවීමේ අවශ්‍යතාව පැන නැගුණි. මුල් වසර විස්‌ස ඉතා සංවරව භික්‍ෂු සංඝයා පැවතුණේ ඕවාද ප්‍රාතිමෝක්‌ෂ දේශනාව පිළිපැදීමෙන්ය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all