විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ
වත්මන් සභාපතිනිය මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම මහත්මියයි. ඇය
එම භාරදූර වගකීම බාරගන්නේ පසුගිය ඉසෙඩ් ස්‌කෝර් අර්බුදය හරහා
මතු වූ ගැටලු සමුදායට විසඳුම් ලබාදීමට එම ආයතනය සූදානම් වන
අවස්‌ථාවේදීය. මෙවර විශ්වවිද්‍යාලවලට දිස්‌ත්‍රික් මට්‌ටමෙන්
සිසුන් තෝරා ගන්නා කඩඉම් ලකුණු පිළිබඳ මතු වී ඇති යම් යම්
ගැටලු පිළිබඳවත් ස්‌වාධීන ආයතන වශයෙන් විශ්වවිද්‍යාලවල
කාර්යභාරය පිළිබඳවත් මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම මහත්මිය සමග
දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.
පසුගියදා පැවැති අපොස උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලවලට
දිස්‌ත්‍රික් මට්‌ටමින් සිසුන් තෝරා ගන්නා කඩඉම් ලකුණු
ප්‍රකාශයට පත් වුණා. නමුත් අධ්‍යාපන පහසුකම් අතින් එක සමාන
මට්‌ටමේ සැලකෙන දිස්‌ත්‍රික්‌ක දෙකක් වන කොළඹ සහ ගම්පහ
දිස්‌ත්‍රික් කඩඉම් ලකුණුවල සැලකිය යුතු වෙනසක් තිබෙනවා.
ඉංජිනේරු සහ වෛද්‍ය ක්‍ෂේත්‍ර සඳහා සිසුන් තෝරා ගැනීමේ කඩඉම්
ලකුණු බදුල්ල දිස්‌ත්‍රික්‌කයටත් වඩා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ
අඩුවෙලා. මෙබඳු වෙනසක් වුණේ කොහොමද?
ඇත්තෙන්ම මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. එකම පාලමේ එහා පැත්තෙයි මෙහා පැත්තෙයි අතර මේ වෙනස මොකක්‌ද කියල බොහෝ දෙනෙක් අපට කතා කරලත් අහනව. නමුත් මෙය දිගු කාලයක් තිස්‌සේ පැවතුණු ක්‍රමයක්. මේවා ගැන නැවත විමර්ශනයක් කරල නැවත සකස් විය යුතු යෑයි මා හිතනවා.
මෙවර වාණිජ අංශයෙන් විෂයයන් තුනටම ඒ සාමාර්ථ ලැබූ විශාල පිරිසක් සිටින නිසා වාණිජ අංශයෙන් විෂයයන් තුනටම ඒ සාමාර්ථ ලැබූ සියලු දෙනාටම විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට ඉඩ නොලැබෙතැයි සැකයක් මතුවෙලා. උසස් පෙළ ශිෂ්‍යයකුට ඒ තුනක් අරගෙනත් විශ්වවිද්‍යාලයට යන්න බැරි නම් එය ගැටලුවක් නේද?
මේ ප්‍රශ්න විස¹ ගැනීමට නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ විභාග දෙපාර්තමේන්තුව අතර හොඳ සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. මම බලාපොරොත්තු වෙනව අඩු තරමින් සති දෙක තුනකට වතාවක් හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවෙලා සාකච්ඡා කරන්න. මේ ගැටලු සියල්ලේම අවසාන බලපෑම එන්නෙ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට. එම නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විභාග දෙපාර්තමේන්තුව මනා අවබෝධයකින් හා සහයෝගයකින් කටයුතු කළ යුතුයි කියල මම හිතනව. උසස් පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ තුනක් ගන්න ළමයකුට විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට නොහැකිවීම අපත් බරපතළ අපහසුතාවකට පත්වන තත්ත්වයක්. මේ වන විට 2011 වසරේ සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමයි අපේ ප්‍රමුඛ කාර්යය වෙලා තිබෙන්නෙ. එම කටයුතු අවසන් වූ වහාම මේ පිළිබඳ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරනව.
අද අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනව. අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගත නොහැකි තරම් විෂයයන් තුනටම ඒ සාමාර්ථලාභීන් බිහිවීම සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද.
මම නම් එහෙම හිතන්නෙ නෑ. ඒ ගැන මුකුත් කියන්නත් බෑ.
මෙවර උසස් පෙළ ප්‍රථිඵල දෙස බලන විට ලංකාවේ සෑම පළාතකින්ම පාහේ උසස් ප්‍රතිඵල වාර්තා වී තිබෙනව. දුෂ්කර පළාත් ලෙස ඇතැම් පළාත් වෙන් කිරීම එතරම් උචිත නොවන බව ඇතමුන්ගේ මතයයි.කෙසේ වෙතත් උසස් පෙළ විභාගයේදී ලකුණු දෙන දිස්‌ත්‍රික් ක්‍රමය වෙනස් කිරීම සඳහා හොඳ ප්‍රවේශයක් මෙවර ප්‍රතිඵල තුළින් ලබාදීල තිබෙනව නේද?
උසස් පෙළ විභාගයේ ලකුණු දෙන දිස්‌ත්‍රික් ක්‍රමය විවිධ තත්ත්වයන් මත ඇති වූ දෙයක්. අද තිබෙන තත්ත්වයට අනුව එය වෙනස්‌වීම වරදක් නෙමෙයි.
පසුගිය අවුරුදුවලට වඩා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව ප්‍රකාශ වී තිබෙනව. ඒ අනුව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිකර තිබෙනවද?
විශ්වවිද්‍යාලවල අලුතින් පීඨ ආරම්භ කිරීමට කටයුතු යොදල තිබෙනවා. පසුගියදා ජනාධිපතිතුමා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයක් විවෘත කළා. සෑම විශ්වවිද්‍යාලයකම පාහේ පහසුකම් පුළුල් කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනව. එම නිසා වැඩිපහසුකම් සහිත විශ්වවිද්‍යාල පද්ධතියක් ඉදිරි කාලයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්.
අපේ රටේ විශ්වවිද්‍යාල ස්‌වාධීන ආයතන නොවේ යෑයි මතවාදී අරගලයක් පසුගිය කාලයේ පැවතුණා. අපේ රටේ විශ්ව විද්‍යාල තුළ එබඳු තත්ත්වයක් ඇති වුණේ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වෙනස් කළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත නිසා බව ඇතමුන් ප්‍රකාශ කළා. ඔබතුමිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වත්මන් සභාපතිතුමිය විශ්වවිද්‍යාලවල ස්‌වාධීනත්වය පිළිබඳ ඔබතුමියගේ අදහස කුමක්‌ද?
මම වැඩ කරන්න කැමැති කෙනෙක්. අඩුවෙන් කතා කිරීමත් වැඩියෙන් වැඩ කිරීමත් මගෙ ප්‍රතිපත්තියයි. මම මේ තනතුරට පත්වෙලා තවම ගත වුණේ දින කිහිපයක් විතරයි. මම හිතන්නෙ විශ්වවිද්‍යාලවල ස්‌වාධීනත්වය කියන්නෙ කවුරුවත් දිය යුතු දෙයක් නෙමෙයි. විශ්වවිද්‍යාල ස්‌වාධීන ආයතන බවට පත්වෙන්නෙ ඵලදායීතාවයෙන්. ලෝකයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල දවසේ වැඩි ප්‍රමාණයක් වැඩ කරන ආයතන. ඒ ආයතනවල ආචාර්ය මහාචාර්යවරු විවිධ පර්යේෂණයන්හි නියෑළෙමින් දැනුම රැස්‌කරමින් දැනුම බෙදාදෙමින් විශාල කාර්ය භාරයක් කරනව. ඔවුන් ස්‌වාධීනව වැඩ කරනව. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විය යුත්තේ විශ්වවිද්‍යාල පාලනය කිරීම නෙමෙයි. විශ්වවිද්‍යාලවලට දියුණු වීමට මග පෙන්වීමයි. විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හදන්න ඕන. එය කළ යුතු වන්නේ සියලු දෙනාටම පහසුවෙන් වැඩකිරීමට හැකිවන ආකාරයට සහ රට සංවර්ධනය වන ආකාරයටයි.

0 comments:
Post a Comment