Photobucket

Saturday, January 5, 2013

නියමු රහිත අමෙරිකා ගුවන් ප්‍රහාරයකින් තලෙයිබාන් නායකයෙක් මරුට

පාකිස්තානයේ දකුණු වසීරිස්තානයේ තලෙයිබාන් අණදෙන නිලධාරී මුල්ලා නසිර් නියමුවන් රහිත අමෙරිකන් ගුවන් යානා ප්‍රහාරයකින් මිය ගොස් ඇත.

ඔහු මියගොස් ඇත්තේ ගමන් කළ වාහනයට එල්ල වු මිසයිල ප්‍රහාරයකිනි.

මොහු මරා දැමීමට හැකිවීම අමෙරිකාවට සහ පාකිස්තානයට මෙන්ම ත්‍රස්තවාදය පිටු දකින මුළු මහත් ලෝක ප්‍රජාවටම හොඳ ආරංචියක් බව පෙන්ටගන් ප්‍රකාශක ජෝර්ජ් ලිටල් පවසයි.

ඇෆ්ගන් දේශසීමාවේ සිට ක්‍රියාත්මක වු මොහු ඇෆ්ගනිස්තානයේ නේටෝ ප්‍රමුඛ හමුදාවන්ට එරෙහිව සටන් වැදුණි.එම ප්‍රදේශය තලෙයිබාන් සහ අල්කයිඩා ත්‍රස්තවාදින්ගේ මර්මස්ථානයක් ලෙස සැලකේ.

මෙම ප්‍රහාරයෙන් නසීර් සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායකයන් දෙදෙනෙක් ඇතුළු ආධාරකරුවන් පස් දෙනෙක් ද මිය ගිය බව පාකිස්තාන් බලධාරීහු තහවුරු කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all