හොර පාරෙන් ඔස්ට්‍රේලියා යන්න හදලා
ඉන්දුනීසියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික
සංක්‍රමණිකයන් 46 දෙනකු රැගත් බෝට්ටුවක් ඉන්දුනීසියානු බලධාරීන් විසින්
මුදාගෙන ඇත.
අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අරමුණින් මෙම ශ්‍රී ලාංකික
සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුව සුමත්‍රා දූපතට නාවික සැතපුම් 330 ක දුරින්
පිහිටි මුහුදු ප්‍රදේශයේ දී ඉන්දුනීසියානු බලධාරීන් විසින් මෙසේ මුදාගෙන
තිබේ.
පසුගිය 23 දා ඔවුන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර එය
ව්‍යර්ථ වීම හේතුවෙන් දින ගණනාවක් මුහුදේ අතරමංව සිට ඇති බවද මෙලෙස අතරමංවූ
පිරිස ඉන්දුනීසියානු ආපදා ආයතනය මගින් මුදා ගෙන තිබෙන බවද වාර්තා වෙයි.
ඉන්දුනීසියානු වෙළෙඳ නෞකාවකින් අදාළ ශ්‍රී ලාංකිකයන් පිරිස රැගත් යාත්‍රාව
මුදාගෙන ඇති අතර ඔවුන් ඉන්දුනීසියානු බලධාරීන්ට භාරදීමට පියවර ගෙන තිබේ.
පසුගිය වසරේ දී පමණක් ශ්‍රී ලාංකික අනවසර සංක්‍රමණිකයින් 6500 ක පමණ
ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බවද එරට රජය සඳහන් කරයි.
0 comments:
Post a Comment