Photobucket

Saturday, January 5, 2013

ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවගේ දුෂණයේ උණුසුම යන්නට මත්තෙන් තවත් ශිෂ්‍යාවක් දුෂණය කරලා...

නිවාස සංකීර්ණයක ඇති නිවසකට මාව එක්කන් ගියා...

එහිදී ෆේස්බුක් මිතුරා තවත් පුද්ගලයෙකු සමග මාව දුෂණය කළා...

සමූහ දුෂණය කර මරාදැමූ වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතකයන්ට දැඩි දඩුවම් දෙන ලෙස බල කරමින් දහස් ගණනින් උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කර ඇති ඉන්දියාවේ අගනුවර වූ නවදිල්ලියේදී පසුගිය දෙසැම්බර් 31 දා රාති‍්‍රයේදි තවත් ශිෂ්‍යාවක් දුෂණය කර ඇතැයි වාර්තා වෙනවා.

තමන්හට ෆේස්බුක් මිතුරු ජාලයෙන් හමුවූ මිතුරෙකු ගේ බලවත් ඉල්ලීමට දෙසැම්බර් 31 දා දකුණු දිල්ලි සාප්පු සංකීර්ණයේදි තමන් ඔහුව හමුවූ බවත් පසුව අසල පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක ඇති නිවසකට තමාව කැදවාගෙන ගිය ෆේස්බුක් මිතුරා

එම නිවස තුල සිටි තවත් එක් පුද්ගලයෙකු සමග එක්වී තමන්ව දුෂණය කල බවත් අතවරයට ලක්වූ 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යාව පොලීසියට පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අතවරය සිදුවූ නිවසේ සිටි තරුණයන් දෙදනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර 20 හැවිරිදි වියේ පසුවන ඔවුන් දෙදෙනාම තොරතුරු තාක්ෂණ ආයතනයක රැකියා කරන අයවළුන් ලෙස හදුනාගෙන තිබෙනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all