මාතලේ දිස්‌ත්‍රික්‌කයේ පාසල් 11 ක් නායයැම් අවදානම් සහිත
ස්‌ථාන ලෙස හඳුනා ගෙන තිබේ. මෙයින් පාසල් කිහිපයකට පස්
කණ්‌ඩි කඩාවැටීම් සිදුවී ඇති අතර පුස්‌සැල්ල නවෝද්‍යා
පාසලේ ගොඩනැඟිල්ලකට නායයැමකින් ගලක් වැටීම නිසා
ගොඩනැඟිල්ල දැඩි අවදානම් තත්ත්වයට ද පත්ව ඇත. මේ අතර
නායයැම් හා ගිලා බැසීම් හේතුවෙන් අවතැන් වූ ජනතාව
තාවකාලිකව නවාතැන් ගෙන ඇති බැවින් මාතලේ දිස්‌ත්‍රික්‌කයේ
පාසල් 6 ක් නව පාසල් වාරය සඳහා මෙතෙක් ආරම්භ කිරීමට
නොහැකි වී තිබේ.
මෙම පාසල් හය ලබන 10 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන
අමාත්‍යාංශය සූදානම්ව සිටින අතර අවතැන් ජනතාව විකල්ප
ස්‌ථාන වෙත යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය කටයුතු
යොදන බව මාතලේ දිස්‌ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ
සහකාර අධ්‍යක්‍ෂ චමින්ද අමරවීර මහතා ඊයේ (4
වැනිදා) පැවැසීය.
මාතලේ විජයපාල මහා විද්‍යාලය, රත්තොට හින්දු විද්‍යාලය, රත්තොට බැස්‌ටිස් විද්‍යාලය, කන්දෙනුවර දෙමළ මහා විද්‍යාලය, පිටකන්ද දෙමළ විද්‍යාලය, බඹරගල දෙමළ විද්‍යාලය අවතැන් කඳවුරු පවත්වාගෙන යැම හේතුවෙන් වසා දමා ඇති බවද අමරවීර මහතා කීවේය.
නාය යැම් අවදානම සහිත පාසල් ලෙස ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මගින් හඳුනාගෙන ඇති පාසල් වන්නේ සිරිමාවෝ බණ්‌ඩාරනායක ද්විත්ව පාසල, අලුවිහාර විද්‍යාලය, විජයපාල මහා විද්‍යාලය, අඹගහකෝරළේ විද්‍යාලය, පුස්‌සැල්ල නවෝද්‍යා පාසල, මාඋස්‌සාගොල්ල දෙමළ පාසල, රත්තොට දන්කන්ද දෙමළ විද්‍යාලය, වැලිගල මහා විද්‍යාලය, රත්වත්ත දෙමළ විද්‍යාලය, උකුවෙල වානි දෙමළ විද්‍යාලය හා බෝවත්ත සුමංගල යන පාසල්ය.
මෙම පාසල් වසා දැමීමට දැනට තීරණය කර නොමැති නමුත්, වර්ෂාවේ වැඩිවීම් සමග දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවා තිබේ.
මේ අතර යළිත් ඊයේ (04 වැනිදා) සහ පෙරේදා (03 වැනිදා) රාත්‍රියේ ප්‍රදේශ රැසක වර්ෂාව ආරම්භ වූ බැවින් ජලාශවල ජල මට්‌ටම ඉහළ ගොස් ඇත.
මේ අතර මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ගිලා බැසීම් අධි අවදානම් කලාපය තුළ මහ පොළවට දරාගත නොහැකි බරක් ඇති නිවාස සංකීර්ණ ගොඩනැගිලි ඉදිකිරීම යෝග්‍ය නොවන්නේ යෑයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයැම් අංශ ප්‍රධානි භූ විද්‍යාඥ ආර්. එම්. එස්. බණ්‌ඩාර මහතා කියයි.
මේ වන විට මාතලේ තොටගමුව, ඉඹුලන්දණ්‌ඩ, දොරකුඹුර, කනන්ගමුව, දොස්‌තරවත්ත ඇතුළු ප්‍රදේශ ගණනාවකින් ගිලාබැසීම් වර්ධනය වෙමින් පවතින බවට හඳුනාගත් බව ද ඒ මහතා පැවැසීය.

0 comments:
Post a Comment