Photobucket

Saturday, January 5, 2013

පියා අතින් පයින් පහරදී කිරිකැටි ළදැරිය මරා දමයි

පිළියන්දල මොරෑඳ ප්‍රදේශයේ දී පියකු විසින් අතින් පයින් පහරදී අවුරුදු එකහමාරක්‌ වයසැති සිය සිඟිති දැරිය ඝාතනය කර ඇත. පිළියන්දල පොලිසිය පවසන ආකාරයට (04 දා) අලුයම් කාලයේ දී මෙල්කි ශලුනි නමැති ළදැරිය පියා අතින් ඝාතනයට ලක්‌ව ඇත.

පියා පහර දුන් පසු ළදැරියගේ මව සිය දියණිය පිළියන්දල රෝහලට රැගෙන ගියද ඇය ඒ වන විටත් මියගොස්‌ සිටි බව රෝහල් ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

ඝාතනයට සම්බන්ධ සැකකාර පියා සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස්‌ තිබේ.

සැකකාර පියා ව්‍යාපාරිකයකු බව පැවසේ.

ඝාතනයට ලක්‌වූ ළදැරිය සැකකාර පියාගේ දෙවැනි විවාහයේ දරුවකු බව හෙළිවිනැයි පොලිසිය කියයි.

පළමු විවාහයෙන් එම ව්‍යාපාරිකයාට දරුවන් තිදෙනකු සිටින බවද පොලිසිය පවසයි.

මේ පිළිබඳව ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්‌ෂණය යටතේ පිළියන්දල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සෝමරත්න විඡේමුනි මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නන්දසිරි ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් නීල්, පොලිස්‌ කොස්‌තාපල් ජයසිංහ, කාන්තා පොලිස්‌ කොස්‌තාපල් ශිරෝමිකා ඇතුළු නිලධාරී කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all