"උඹලා ආමි වුණාට අපට කමක් නැහැ...අඩෝ" යෑයි කියමින් දකුණු
පළාත් යුද හමුදා ආඥපති හා බූස්‌ස යුද හමුදා කඳවුරේ අණදෙන
නිලධාරි බ්‍රිගේඩියර් ඒ. එස්. ආරියසිංහ මහතාගේ බිරිඳ හා
දරු දෙදෙනා ගමන්ගත් වෑන් රථය නතර කළ පුද්ගලයන් දෙදෙනකු
වෑන් රථයේ රියෑදුරුට හා ආරක්‍ෂක මුර සෙබළාට පහර දී ඇත.
(03) වැනිදා රාත්‍රි 8.40 ට පමණ ගාල්ල - කොළඹ
ප්‍රධාන මාර්ගයේ දොඩන්දුව කරාවගොඩ ප්‍රදේශයේදී මෙම ගැටුම
සිදුවී තිබේ. බ්‍රිගේඩියර්වරයාගේ බිරිඳ හා දරු දෙදෙනා යුද
හමුදාවට අයත් වෑන් රථයකින් අම්බලන්ගොඩ සිට බූස්‌ස බලා ගමන්
කරමින් සිට ඇත.
වෑන් රථය ධාවනය වෙමින් තිබියදී මෙකී පුද්ගලයන් දෙදෙනා පාර හරහා පැන ඇත. පාරේ යන්නේ ඔහොමද කියා ඇසූවිට මොවුන් දෙදෙනා ආමි වුණාට අපට කමක් නැහැ කියා රියෑදුරුට හා ආරක්‍ෂක මුර සෙබළාට පහරදී ඇත. පහර දීමෙන් සුළු තුවාල ලැබූ ආරක්‍ෂක සෙබළා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
සැකකරුවන් දෙදෙනා ඒ අසල තිබූ අවන්හලක සිට පාර පැන ඇති අතර මේ වන විට මොවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇත. රත්ගම පොලිස් ස්‌ථානාධිපති ගාමිණී ඉහළවෙල මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්‍ෂණ පැවැත්වෙයි.

0 comments:
Post a Comment