සිරියාවේ ඩැමස්කස් නගරයේ කාර් බෝම්බයක් පිපිරී යාමෙන් අඩු ගණනේ 9 දෙනෙක්වත්
මිය යන්නට ඇතැයි සිරියන් මානව හිමිකම් නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
නගරයේ උතුරු ප්‍රදේශයේ ගුවන් තොටුපළ සහ හමුදා ගුවන් කඳවුර ආසන්නයේ මාරාන්තික
ගැටුම් පවතින බව වාර්තා වේ.
කාර් බෝම්බය පිපිරී යාමෙන් විශාල පිරිසක් තුවාල ලබා
ඇත.
වසර 2011 මාර්තු මාසයේ දි ආරම්භවූ සිරියන් අරගලය හේතුවෙන් දැනටමත් මිය
ගොස් ඇති සංඛ්‍යාව 60 000 කට අධික බව ජගත්
සංවිධානය පවසයි.
දැන් ඇවිළී ගොස් ඇති දරුණු ගැටුම් නිසා මෙම සංඛ්‍යාව
තවදුරටත් වේගයෙන් ඉහළ යනු ඇතැයි සඳහන් වේ.
මෙම බෝම්බ පිපිරීම සිදුවී ඇත්තේ ජනාධිපති බෂා අල් - අසාද්ට පක්ෂපාතී
සුළුතරයක් වු අලවිටි ෂයිටි ඉස්ලාම්වාදීන් විශාල වශයෙන් වෙසෙන පළාතකය.
අලිප්පෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ ජෆ්ටනාස් ගුවන්තොටුපළ
කැරළිකාර හමුදාව විසින් වටලා ඇත.
සිරියාවේ වත්මන් තත්ත්වය ඇත්ත වශයෙන්ම ඉතා
බිහිසුණු බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්
නවී පිල්ලේ අවධාරණය කරයි.
0 comments:
Post a Comment