ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාට
පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාට තර්ජනාත්මක දුරකථන ඇමතුම ලබා
දී ඇත්තේ කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි දුරකථන කුටියකින් බවට මේ වන විට
තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස්
නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් අංශ කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ
කර ඇත.
දුරකථන ඇමතුම සඳහා සැකකරු කාසි භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරයි. ඇමැති
අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරියගේ ජංගම දුරකථනයට පෙරේදා (3) සවස 3.30 ට
පමණ ඇමතුමක් ලබා දුන් පුද්ගලයකු අනුර ප්‍රියදර්ශන මහතාට මරණ තර්ජන කළ බවට ඒ
මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබුණි.
0 comments:
Post a Comment