Photobucket

Saturday, January 5, 2013

බීමත් පුතා මවුපියන්ට පහර දී නිවෙසින් පන්නාගෙන

අජාසත්ත පුතෙක් හා බෝධිසත්ව පියකුගේ සෝචනීය පුවතක් කොට්ටාව පොලිසියෙන් වාර්තා වේ.

මෙයට දින කිහිපයකට පෙර තම පියා සහ මවට පහරදී නිවෙසින් පළවා දැමූ පුතෙක් පිළිබඳව ආරංචියක් කොට්ටාව පොලිසියට ලැබිණ. කොට්ටාව පොලිස් වසමට අයත් ප්‍රදේ්ශයකින් පුවත ලැබීම නිසා එදා රාත්‍රියේ ම මේ අජාසත්ත පුතා සිටි නිවස වට කොට ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප. තුෂාර ගලගෙදර මහතා එම නිවෙසට මැදියම් රාත්‍රී යනවිට මුළු නිවසේම විදුලි බුබුලු දල්වා මුළු නිවසේම දොර ජනෙල් ඇර දමා තිබිණ.

සැකකාර පුතා ඒ වනවිට හොඳටම බීමතින් තම ලියන මේසයට හිස ගසාගෙන නිදා සිටියේ ය. හිස්වූ මත්පැන් බෝතලයක් ද මේසය මත තිබී ඇත.

කරන ලද පරීක්‍ෂණයේ දී නිරුවත් කාම සංයුක්ත තැටි 20ක් ද මේසය මත තිබී ඇත. ඔහුගේ මේසය මතවූ ලැප්ටොප් පරිගණකයේ තවත් කාම චිත්‍රපට සිය ගණනක් පටිගත කර තිබී ඇත.

ඒ වන විට මව සහ පියා නිවෙසින් පළවා දමා තිබිණ. පියා සහ මව පොලිසියට කැඳවා සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කරන ලෙස ඔවුන්ට පොලිසිය උපදෙස් දුන් නමුත්,“මගේ එකම දරුවා. මං කොහොමද පුතාට විරුද්ධව පැමිණිල්ලක් කරන්නෙ. නඩුවක් ඕන නෑ. පුතා නිදහස් කරන්න”යි පියා කඳුළු සලමින් පවසා ඇත.
එහෙත් අසභ්‍ය චිත්‍රපට ළඟ තබා ගැනීමේ වරදට පොලිසිය විසින් පුතා උසාවියට යොමු කරන ලදී.

අසැබි චිත්‍රපට ළඟ තබා ගැනීමේ වරදට වැරදිකරු වූ සැකකාර පුතාට රුපියල් 5000ක දඩයක් උසාවියෙන් නියම විය. බෝසත් තාත්තා පැමිණ දඩ මුදල ගෙවා පුතා ගෙදර කැඳවා ගෙන ගියේය.

අජාසත්ත සැකකාර පුතා ඔහු ගේ පියා පසුපස එළවා ගොස් ගලකින් පහර දී තිබේ. එයින් තුවාල ලැබූ පියා හෝමාගම රෝහලට ගෙන ගිය බවට ප්‍රදේ්ශවාසීන්ගෙන් පැමිණිල්ලක් 2012.12.30 වන දින කොට්ටාව පොලිසියට ලැබිණ.

වහාම ක්‍රියාත්මක වූ කොට්ටාව ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති තුෂාර ගලගෙදර මහතා පොලිස් ස්ථානාධිපති යූ. ඩබ්ලිව්. ජී. තිලකසිරි මහතාගේ උපදෙස් අනුව සැකකරු අත්අඩංගුවට ගත්තේය.

හිසේ තුවාල වලට ප්‍රතිකාර ලබාගෙන සිටි පියා සහ මව පොලිසියට කැඳවා ඒ පිළිබඳ පැමිණිල්ලක් හෝ කරන ලෙසට පියාට සහ මවට දැනුම් දුන්නත් පුතාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔව්හු අකමැති විය.

නඩුවක් ඕන නෑ. මීට පස්සේ පුතා හැදේවි. එයා දෙන්න මට ගෙදර එක්ක යන්නයි පියා පොලිසියට ඇවිටිලි කරන්නට විය.

පියා රජයේ උසස් නිලධාරියෙකි. පුතා කොළඹ නගරයේ උසස් පාසලකට ගිය කාම චිත්‍රපටවලට ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනය අවුල්කර ගත් අයෙකි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all