Photobucket

Sunday, January 13, 2013

රිසානාගේ ගෙල සිඳ දැමූ ශරියා නීතිය

ශරියා යනු "යායුතු මාර්ගය" හෝ "ජලය වෙත යන අරුත්" ගෙන දෙන වදනකි. ජලය වෙත යැම යනුවෙන් පැවසෙන්නේ අප ජීවත් වන්නේ ජීවිත කාන්තාරයකය යන අරුත දැනවීමය. තවත් අතකින් මෙය "ධර්මානුකූල නීතිය" යනුවෙන්ද හඳුන්වා දී තිබේ. අරාබි විද්වතුන් පවසන පරිදි මෙය නීතියක්‌ හෝ රීතියක්‌ නොවේ. එය මුස්‌ලිම්වරුන්ගේ වගකීම් පිළිබඳව කථනයක්‌ ලෙස ද හැඳින්වේ.

පුළුල් ලෙස බැලූ විට ශරියා දෙකොටසකට බෙදේ. එය කුරානය සහ සුනා (Sමබබ්ය) වේ. කුරානය යනු වෙනස්‌ කළ නොහැකි දෙවියන්ගේ වචනයයි. සුනා යනු මහම්මත් තුමාගේ ජීවිතය සහ එහි උදාහරණයි. කොටින්ම මෙය දෙවියන්ගේ නීතිය ලෙස හැඳින්වේ. සාමාන්‍ය නීතියේ සඳහන් වන අපරාධ, දේශපාලන, ආර්ථිකමය ක්‍රියාදාමයන් මෙන්ම ලිංගික කටයුතු, සනීපාරක්‍ෂාව ආහාර ගැනීම, ආහාර නොගෙන සිටීම සහ වන්දනා මාන කිරීම පිළිබඳව ශරියා නීතියට ඇතුළත් වේ.

විසි එක්‌වන ශත වර්ෂයේ තුර්කිය, කසකස්‌ථාන්, මාලි ආදී රාජ්‍යයන් තම රටේ නීතිය ලෙස ශරියා නීතිය පිළිගන්නේ නැත. නයිජීරියාවේ මුස්‌ලිම් ප්‍රජාව පාලනය වන්නේ එහි බලපැවැත්වෙන ඉංග්‍රීසි නීතියට අනුවය. මැලේසියාවද එයට සමානය. පාකිස්‌ථානය, ඉන්දුනීසියාව, ඇµaගනිස්‌ථානය, ඊජිප්තුව, සුඩානය වැනි රටවල ශරියා නීතිය පිළිබඳව දැඩි උනන්දුවක්‌ ඇතත් එය එහි පවතින ව්‍යවස්‌ථාව හෝ නීති සංග්‍රහයන් අභිබවා යන්නේ නැත. එහෙත් ප්‍රාදේශීය ආගමික නායකයන් සමහරක්‌ ශරියා නීතිය කෙරෙහි විශ්වාසය තබන බව පෙනේ. නමුත් සෞදි අරාබියාව සහ අනෙකුත් අරාබි ජාතිකයන් හට ව්‍යවස්‌ථාවක්‌ හෝ දණ්‌ඩ නීති සංග්‍රහයක්‌ නැත. එම රටවල නායකයන්ට නීති පැනවීමේ හෝ වෙනස්‌ කිරීමේ හැකියාවද නැත. ඔවුහු මුළුමණින්ම පාහේ ශරියා නීතියට ගැතිවන්නෝ වෙති.

ඉරානයේ පාර්ලිමේන්තුවෙන් පැනවූ නීතිය එහෙම පිටින්ම ශරියා නීතියේ කැඩපතක්‌ වෙයි. ශරියා නීතිය ක්‍රියාත්මක වන උසාවියෙහි පැමිණිලිකරු සහ විත්තිකරු ඔවුන්ගේ නඩුව ඉදිරිපත් කරති. එහි ජූරියක්‌ නැත. හරස්‌ ප්‍රශ්න නැත. පූර්වාදර්ශ පාවිච්චියක්‌ද නැත.

ශරියා නීතියේ අපරාධ නීතිය පිළිබඳව අංශ හතරක්‌ ඇත. මිනීමැරුම එක්‌ අංශයකි. එහිදී අගතියට පත් පාර්ශවයේ තීරණ අනුව විත්තිකරුට මරණය හෝ වසර විස්‌සක සිර දඬුවමකට යටත් කළ හැකිය. අතපය කැපීමකදී නම් වන්දි ලබා ගැනීම කළ හැකිය. තවද අනියම් මිනී මැරීම වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට මුදල් ලබා ගෙන විත්තිකරු කෙටි සිර දඬුවමකට යටත් කළ හැකිය. සිතාමතා කළ මිනිමැරුමක්‌ නම් "ඇහැට ඇහැක්‌" යන න්‍යාය මත කටයුතු කෙරේ.

කෙසේ වෙතත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් විත්තිකරුට සමාව දෙන මෙන් ඉල්ලීමට විනිශ්චයකාරතුමාට හැකිය. තවද දඬුවම ක්‍රියාත්මක කිරීම පවුලේ අයකුටද කළ හැක. එසේම ශරියා නිතීය පිරිමි සහ ගැහැනුන්ට එකසේ යෙදෙන්නේ නැත. ගැහැනියට පිරිමියාට තරම් අයිතිවාසිකම් නැත. විශේෂයෙන්ම පවුල් සහ දේපළ උරුම නඩුවලදී ගැහැනිය පහළ තැනක සිටින්නීය. එසේ වුවද වයස 18 න් අඩු පුද්ගලයකුට ශරියා නීතිය බලපාන්නේ නැති බවද කියති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all