Photobucket

Sunday, January 13, 2013

වයස 16 වන විටම හැඳුනුම්පත ලැබෙන ක්‍රමයක්‌

වයස අවුරුදු දාසය සම්පූර්ණ වත්ම සිය ජාතික හැඳුනුම්පත පාසල් සිසු සිසුවියන්ට ලැබෙන පරිදි නව ක්‍රමවේදයක්‌ සැකසීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන විභාග අපේක්‍ෂකයන්ගේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී සෑම වසරකම ඇතිවන තදබදය හා ඔවුනට සිදුවන අපහසුතා මඟහැරවීමට නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජනරාල් ආර්. එම්. එස්‌. සරත් කුමාර මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට සඳහන් කළේය.

මෙම ක්‍රමවේදය යටතේ වයස අවුරුදු පහළොවක්‌ සපුරා ඇති සිසු සිසුවියන්ගේ තොරතුරු සෑම විදුහලකම විදුහල්පතිවරු මාර්ගයෙන් ලබාගැනීමට නියමිත බවත් ඒ අනුව හැඳුනුම්පත් සැකසීම කිසිදු කලබලයකින් තොරව නිසියාකාරව කිරීමට හැකි වන බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව සැකසූ ජාතික හැඳුනුම්පත් වයස අවුරුදු දාසය සම්පූර්ණ වත්ම පාසල්වලට හෝ ඔවුන්ගේ නිවාසවලට ලැබෙන පරිදි යොමු කළ හැකි බවත් සරත් කුමාර මහතා පැවසීය.

මෙම නව ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී යම් නීතිමය ගැටලු වෙතොත් එම නීති සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් පැවසූ හෙතෙම මෙම ක්‍රමවේදය ඉතා ඉක්‌මනින් ආරම්භ කරන බවත් සඳහන් කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all