Photobucket

Monday, January 14, 2013

උදයන්ත නයනජිත්ට ක්‍රිස්බ්‍රෝ මීළඟ ශූරයා ශිෂ්‍යත්වය හිමිවේ

දශක ගණනාවක් තිස්සේ රුසියාව සහ නැගෙනහිර යුරෝපීය රටවල් දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩකයන් ලොවට දායාද කර තිබියදී ශ්‍රී ලංකාව තවමත් ජාත්‍යන්තර තලයට යෑමට වෙර දරමින් සිටියි. බොහෝ ඔලිම්පික් ක්‍රීඩාවන් මෙන් නොව ශක්තිය, සමබරතාවය සහ ශාරීරික නම්‍යශීලීත්වය යන ලක්ෂණයන් මුල් කරගත් ක්‍රීඩා ආකෘතියක් ජිම්නාස්ටික් ක්‍රීඩාවට හිමි වේ.

ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නව හැරවුමක් සනිටුහන් කරමින් සුවිශිෂ්ට තරුණ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු හට මෙවර “ක්‍රිස්බ්‍රෝ මීළඟ ශූරයා” ශිෂ්‍යත්වය හිමි වී ඇත.

මෙම ශිෂ්‍යත්වය හිමි කරගත් ජිම්නාස්ටික් ශූර දාහතර හැවිරිදි ආර්.පී. උදයන්ත නයනජිත් කරුණාතිලක, යක්කල අනුර මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. 2012 වර්ෂයේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ 15න් පහළ පිරිමි සමාන්තර ‍පෝල සහ හරස් ‍පෝල අංශවල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම ජාතික ජිම්නාස්ටික් සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතා තරගාවලියේදී 14න් පහළ භූමි ව්‍යායාම තරග අංශයේද දෙවැනි ස්ථානය හිමි වුණේ උදයන්තටයි. නිසි පුහුණුවක් හා මගපෙන්වීමක් ලැබෙන්නේ නම් 14 හැවිරිදි මොහුට ක්‍රීඩා සංගම් නියෝජනය කිරීමෙන්ද තරග කිරීමේ හැකියාව උපරිමයෙන් ඇත.

මාසික මූල්‍ය දීමනාව, ක්‍රීඩා උපකරණ, පිළිගත් පුහුණුකරුවන්ගේ සේවාව, පුහුණුවීම්වලට අවශ්‍ය පහසුකම් සහ විදේශීය ක්‍රීඩා ඉසව්වලට සහභාගි වීම සඳහා වන ශිෂ්‍යත්ව යනාදියෙන් පරිපූර්ණව ක්‍රිස්බ්‍රෝ වෙතින් ලබා දෙන ශිෂ්‍යත්වය උදයන්ත නයනජිත්ට හිමි වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all