කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය කිරීමට
යොදාගත් ඉතාලියේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්‌තෝලය
කැලණියේ ප්‍රබල දේශපාලනඥයකුගේ සමීපතම පුද්ගලයකු සතුව තිබූ
එකක් බව මෙතෙක් සිදුකළ පොලිස් පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.
මෙම පිස්‌තෝලය සිංගප්පූරු සරත් නමැති සැකකරුට ලැබුණේ කෙසේද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
මඩවල මහතා ඝාතනය කිරීමට යොදාගත් පිස්‌තෝලයට අමතරව ටී 81 වර්ගයේ ගිනි අවියක් ද සිංගප්පූරු සරත් නමැත්තා සතුව තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබිණි.
මෙම ආයුධ දෙක මඩවල මහතා ඝාතනය කළ රංගන නමැත්තාගේ පියා වෙත භාර දී තිබූ සිංගප්පූරු සරත් වෙඩි තැබීම සඳහා එය යොදාගන්නා ලෙස රංගනට උපදෙස් දී තිබූ බව ද හෙළි වී ඇත.
0 comments:
Post a Comment