Photobucket

Saturday, January 5, 2013

ට්‍රික්සි-ලක්ෂ්මි මුල්පුටු තරගයක ලේකම් තනතුරටත් ගැටුමක්

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපති තනතුරට හිටපු සභාපතිවරියෙකු වු ට්‍රික්සි නානායක්කාර හා බැංකු නිලධාරිනියක වන ලක්ෂ්මි වික්ටෝරියා යන මහත්මීහූ ඊයේ නාමයෝජනා භාර දුන්හ.

මේ මස 24වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ නිලවරණයේදී ලේකම් තනතුරට හිටපු ශ්‍රී ලංකා නෙට්බෝල් නායිකා ජයන්ති සෝමසේකරන් හා පාසල් නෙට්බෝල් සංගමයේ ශිරෝමී කුරුප්පු යන මහත්මීහු ද නාම‍යෝජනා ලබාදී ඇත.

නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා හිටපු අතුරු කමිටු සාමාජික යෙස්මින් ධර්මරත්න මහත්මිය හා පාසල් නෙට්බෝල් සංගමයේ චමිපා රංජනී මහත්මිය නාමයෝජනා ලබාදුන් අතර භාණ්ඩාගාරික තනතුර සඳහා බදුල්ල සංගමයේ නිශාන්ති ඕවිටිගල මහත්මිය ඉදිරිපත්ව සිටී.

මෙයට අමතරව උප සභාපති, නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරු සඳහා උණුසුම් තරගයක් නිරිමාණය වී ඇත.

එම තනතුරුවලට හිටපු අතුරු කමිටු නිලධාරිනියන් රැසක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකා නෙට්බෝල් පිලට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුද මෙවර තනතුරුවලට නාමයෝජනා ලබාදී තිබේ.

වසර 2010දී අවසන් වරට ශ්‍රී ලංකා නෙට්බොල් සංගමයේ නිලවරණය පැවැති අතර එහිදී සභාපති ලෙස ලේෂා ද සිල්වා මහත්මිය හා ලේකම් ලෙස දමයන්ති ජයතිලක මහත්මිය තේරී පත්වුහ‍.

එයින් පසුව අතුරු කමිටුවක් මගින් නෙට්බෝල් පරිපාලනය සිදුවිය. 

නිමාවට පත්වු ආසියානු නෙට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකවට ශූරතාව ගිලිහී යෑමෙන් අනතුරුව නෙට්බෝල් සංගමයේ නිලවරණය පවත්වන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
හිටපු නිලධාරිනියන්ට වඩා නව නිලධාරී මණ්ඩලයක් පත්වීමෙන් නෙට්බෝල් දියුණුව වේගවත්වනු ඇතැයි ඇමැතිවරයාගේ විශ්වාසය විය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all