Photobucket

Saturday, January 5, 2013

ප්‍රංශය සතු රීයූනියන් දූපතට ප්‍රබල සුළි කුණාටුවක්

ඉන්දියන් සාගරයේ ප්‍රංශය සතු රීයූනියන් දූපතට ඊයේ සුළි කුණාටුවක් බලපා ඇත.

පැයට කි .මි . 180 ට වැඩි වේගයෙන් හමාගිය චණ්ඩ මාරුතය සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් විදුලි බල පද්ධතියට ප්‍රබල හානි සිදුව තිබේ.

මේ හේතුවෙන් නිවාස 95 000 ක පමණ විදුලි බල සැපයුම ඇනහිට ඇත. මේ අතර ජල සැපයුමද ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති අතර බෝග වගාවන්ටද විශාල වශයෙන් හානි සිදුව තිබේ.

කෙසේ වෙතත් මෙම චණ්ඩමාරුතය හේතුවෙන් මිනිසුන්ට සිදුව ඇති අනතුරු අවම බව සඳහන් වේ.
තුවාල ලබා ඇතැයි වාර්තා වි ඇත්තේ 14 දෙනෙක් පමණි. නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදුව ඇත්තේ 170 ක් තරම් සුළු පිරිසකටය.

රියුනියන් දූපතට මින් පෙර මෙවැනි චණ්ඩ මාරුතයක් බලපා ඇත්තේ 2007 දියි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all