ශ්‍රී
ලංකා කණ්‌ඩායම නියෝජනය කළ කඩුලූ රකින්නකු සහ දකුණත් පිතිකරුවකු
වූ ගයි ද අල්විස් මහතා පෙරේදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
පිළිකා රෝගයකට ගොදුරුව අල්විස් මහතා දිවියෙන් සමුගන්නා විට 52
හැවිරිදි වියේ පසුවුණි.
1983-88 වකවානුවේදී ටෙස්‌ට් තරග 11ක සහ එක්‌දින තරග 31කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ගයි ද අල්විස් 1983 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්‌කළ ක්‍රීඩකයාද විය. එහිදී පකිස්‌තානයට සහ එංගලන්තයට එරෙහිව අර්ධ ශතක සමගින් ලකුණු 167ක් ලැබූ ඔහුගේ ලකුණු සාමාන්‍යය 55.66ක් විය.
අඩි 6කට වඩා උසැති මේ දැවැන්ත ක්‍රීඩකයා පසුපෙළින් පැමිණ තදින් පන්දුවට පහරදෙන පිතිකරුවකු සහ ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්‍ෂ කඩුලූ රකින්නකු වූ අතර ශ්‍රී ලංකාවට ටෙස්‌ට් තත්ත්වය ලබාගැනීම පිණිස කළ සටනේදී තම ක්‍රීඩා හැකියාවෙන් ප්‍රබල දායකත්වයක් දැක්‌වූවෙකු ලෙසින්ද සැලකේ.
'පහුගිය නොවැම්බර් මාසේ (2012) ගයි ට උදරයේ වේදනාවක් හටගත්තා. ඊට පසුව ඔහු බයොප්සි පරීක්‍ෂණයකට ලක්‌වුණා. එතැනදී ඔහුගේ අග්න්‍යාශයේ පිළිකාවක් හටගෙන ඇති බව සොයාගත්තා.
වෛද්‍යවරු කීවා ඒ වන විට යමක් කරන්න තරම් ප්‍රමාද වැඩියි කියලා. මේ බව දැනගත්තු අර්ජුන රණතුංග ඇවිත් උදව් කළා. අර්ජුන හරහා ගයි, ආයුර්වේද ප්‍රතිකාරයකට ලක්‌වුනා. ඔහු මියයනතෙක්‌ම එම ආයුර්වේද ප්‍රතිකාර කරගෙන ගියා' යෑයි ගයි ද අල්විස්‌ගේ සොහොයුරු කෙන් පවසා තිබුණි.
එස්. එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කළ ගයි ද අල්විස් 2008 වසරේ අර්ජුණ රණතුංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව මෙහෙයවූ සමයේදී එහි සාමාජිකයෙක් විය. තේරීම් කමිටු සභාපතිවරයා සහ ලේකම් වශයෙන්ද, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්‌ඩායමේ පුහුණුකරු වශයෙන්ද ඔහු ක්‍රියා කර තිබේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්‌ඩායමේ හිටපු සාමජිකාවක් වූ රසාංජලී චන්දිමාගේ ස්‌වාමිපුරුෂයා වූ ගයි ද අල්විස් මහතා වයස අවුරුදු 8 සහ 10ක දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.
අභාවප්‍රාප්ත ගයි ද අල්විස් මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු (සඳුදා) පස්‌වරු 6.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

0 comments:
Post a Comment