
ආර්ථික සංවර්ධන අමත්‍ය බැසිල්
රාජපක්‍ෂ මහතාට කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධූරය ලබා ගන්නා
ලෙස තවත් පිරිසක් ඉල්ලිමක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. එහෙත් කැලණිය
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධූරයෙන් ඉවත් වූ අමාත්‍ය මර්වින් සිල්වා
නැවත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධූරය ලබා දෙන ලෙස තවත් පිරිසක්
ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන් සිටී.
කැලණිය
ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර, උපසභාපති චමිල දුමින්ද මහත ඇතුළු
මංත්‍රී කණ්ඩායම පවසන්නේ අමාත්‍ය මර්වින් සිල්වා මහතා හැර ඕනෑම අයෙකු
සංවිධායක ලෙස පත් කරන්නේනම් ඔහුට හෝ ඇයට සහයෝගය ලබා දී කැලණිය සංවර්ධණයට
දායකත්වය ලබා දෙන බවයි. කැලණය ආසනයේ සිටින ප්‍රධාන පෙලේ ස්වාමින් වහන්සේලා
හා විද්වතුන් හමු වී සංවිධායක ධූරය තමන්ට ලබා ගැනීම සඳහා සහය දක්වන ලෙස
තවත් පිරිසක් ඉල්ලීමක් කර ඇත. කැලණිය ආසනයේ ප්‍රධාන ස්වාමින්ද්‍රයන්
වහන්සේලා කිහිප දෙනෙකු පැවැසුවේ කැලණියේම අයෙකුට මෙම තනතුර ලබා දීමට හැකි
නම් එය කැලණිය බෞද්ධ පුරවරයේ පෞඩත්වය ආරක්ෂා කිරීමට යම් පිටුවහලක් වෙන
බවයි.
0 comments:
Post a Comment