ෂයිටිවරුන් 92ක්
මරා දමලා
පාකිස්තානයේ වයඹ දිග ක්වෙටා නගරයේදි සිදුවු ද්විත්ව මරාගෙන මැරෙන ප්‍රහාර
දෙකකින් ෂයිටිවරුන් 92 මිය ගොස් ඇතැයි වාර්තා වේ . පාකිස්තානයේ දි
ෂයිටිවාදීන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙයයි . 2012 වසර පාකිස්තානයේ
ෂයිටිවාදින්ට මාරාන්තිකම වසර වු බව හියුමන් රයිට්ස් වෙච් සංවිධානය පවසයි .
2012 දී මිය ගිය ෂයිටි සංඛ්‍යාව 400 කට අධික බවත් වැඩිදෙනෙක් ඝාතනය කරණු ලැබුවේ
වෙඩි තැබිමෙන් බවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ .
මිලියන් 180 ක් වු පාකිස්තානයේ ජනතාවෙන් 20 %ක් වු ෂයිටි ජනයා ආරක්ෂා කර
ගැනිමට රජය අපොහොසත් වි ඇති බවට ෂයිටි ජනතාව චෝදනා කරයි . මෑතදී පැවැත්වූ මත
විමසුමකින් අනාවරණය වී ඇත්‍තේ පාකිස්තානුවන්ගෙන් 37 % ක් ෂයිටිවරුන්
මුස්ලිම්වරුන් ලෙස නොසලකන බවයි . රටේ ආරක්ෂාව හමුදාව විසින් බාරගත යුතු බවට
හඬනගමින් මිය ගිය අයගේ මළ සිරුරු බාරනොගන්නා ඥාතීහු විරෝධතාවක නියැලි සිටින
බව සඳහන් වේ .
0 comments:
Post a Comment