මේ දවස්වල නිතර ඇසෙන ගීතයක් තමයි තීක්ෂණ අනුරාධ ගායනා කරන
මං ආසයි හිනා වෙන්න... මේ ගීතය නිකුත් කරලා තවම ගෙවී ගියේ මාස 02 ක කෙටි කාලයක් වුණත්
මේ ගීයේ
ජනපි‍්‍රයත්වය නිසාම අපට මේ ගීතයේ වතගොත අසන්නට තීක්ෂණව එකතු කරගත්තා.
තීක්ෂණ කොහොම ද ඔබේ ගීයට ලැබෙන ප්‍රතිචාර?
ඉහළම ප්‍රතිචාර ලැබෙනවා. සින්දුවට වගේම විෂුවල් එකටත් මේ සින්දුව ප්‍රචාරය කරලා තවම මාස 02 යි. නමුත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ජනපි‍්‍රයත්වය නිසාම අපට මේ ගීතයේ වතගොත අසන්නට තීක්ෂණව එකතු කරගත්තා.
තීක්ෂණ කොහොම ද ඔබේ ගීයට ලැබෙන ප්‍රතිචාර?
ඉහළම ප්‍රතිචාර ලැබෙනවා. සින්දුවට වගේම විෂුවල් එකටත් මේ සින්දුව ප්‍රචාරය කරලා තවම මාස 02 යි. නමුත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔව්. මේ ගීතය අශෝක විද්‍යාලයේ පාසල් සිසුවෙක් තමයි ලියලා තියෙන්නේ. ඒ ළමයා පන්තියේ දී එයාගේ ගෑනු ළමයාට මේ පද ටික ලියලා කොහොමහරි මේ ලියුම එවෙලේ ඒ පන්තියේ උගන්වමින් හිටපු ස්වාමින් වහන්සේටයි අහුවෙලා තියෙන්නේ. ඉතිං උන්වහන්සේ මේ ළමයට තරවටු කරලා ළමයවයි ලියුමයි දෙකම විදුහල්පති තුමා ළඟට ගෙනිහිං. ඉතිං විදුහල්පති තුමත් ළමයට හොඳටම තරවටු කරලා. පස්සේ විදුහල්පති තුමා මේ සින්දුව බලපුවාම හිතුණලු මේක හරිම අපූරු පද ටිකක් ඒ නිසා මේකට මෙලඩි එකක් කරලා කවුරුහරි ලව්වා ගායනා කරන්න ඕනේ කියලා. ඔය විදිහට තමයි මේ පද ටික අශෝක විදුහලේ සංගීත ගුරුතුමා වන රංජිත් සර්ට ලැබිලා තියෙන්නේ. රංජිත් සර් මම ඉගෙන ගත්ත ගාල්ල සා. ඇලෝසියස් විදුහලේ හිටපු ගුරුවරයෙක්. ඉතින් එතුමා මෙලඩි එක කරලා එතුමා තමයි මාව යෝජනා කරලා තියෙන්නේ, අපි මේ සින්දුව තීක්ෂණට දෙමු කියලා.
ඉතින් ඔයා මේ යෝජනාව පිළිගන්න තරම් ඒ සින්දුවේ දැක්ක විශේෂත්වය?
මුලින්ම මගේ ගුරුවරයෙකුගේ ඉල්ලීමටයි මම ඒ සින්දුව භාරගත්තෙ. හැබැයි ඒ පද ටික කියවනකොට මට හිතුණා මේ සින්දුව ගොඩක් ලස්සන එකක් වේවි කියලා.
නමුත් මේ ගීතයේ අයිතිය ගැන විවිධ අදහස් වෙබ් අඩෙවිවල පළ වුණා නේද?
ඔව්. මේ ගීය වෙන කෙනෙක් ලියපු සින්දුවක් කියලා පළ වෙලා තිබුණ තමයි. වෙන කෙනෙක් ලියපු සින්දුවක් වුණත් ඒ ගීතය එළියට ආවේ මේ පාසල් සිසුවාගෙන් නේ. ඉතින් දැන් මේ සින්දුව නිකුත් වෙලා මාස දෙකක් විතර වෙනවා. ඒත් තාම නම් අයිති කෙනෙක් ගැන සඳහනක් නැහැ.
ඔබ ගායකයෙක් ලෙස සංගීත ක්ෂේත්‍රයේ රැඳෙන්නට අවස්ථාව ලැබුණේ සුපිරි තරු මාවත නිසා යැයි මා කීවොත්?
සුපිරු තරු තරගාවලියට එන්න බොහෝ කලකට පෙර බිංදු කියන ළමා නාට්‍යයේ බිංදුගේ ප්‍රධාන චරිතය රඟපෑවා. ඉතින් ඒ කාලේ ඉඳල මගේ ගම් ප්‍රදේශයේ (ගාල්ලේ) මට යම් කිසි ජනපි‍්‍රයත්වයක් තිබුණා. ඉන් පසුවත් මම විවිධ ප්‍රසංගවලටත් සහභාගි වුණා. නමුත් ක්ෂේත්‍රයේ ලොකු පිරිසකගේ හැඳුනුම්කමක් ගොඩනැඟුªණේ ‘සුපර් ස්ටාර්’ තරගාවලියට සහභාගි වූ පසුවයි.
රියැලිටි වැඩසටහන්වලදී ජයග්‍රාහකයා තෝරා ගනු ලබන්නේ එස්. එම්. එස්. ඡන්දය තුළිනුයි. එස්. එම්. එස්. වලින් දක්ෂයා තෝරා ගත හැකි ද?
හොඳ ගායකයෙක් තෝරා ගන්න පුළුවන්. ගායන හැකියාව තිබෙන අය ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්. නමුත් තමන්ගේ හැකියාව හඳුනාගෙන එයින් ජනතාවට අවශ්‍ය දේ හඳුනාගෙන හරි විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් කෙනා තමයි නියම දක්ෂයා. හැබැයි වාසනාවත් බලපානවා.

තියෙනවා කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට මාව ගත්තොත් මගේ ගීතවලට වඩාත් පි‍්‍රය කරන්නේ පුංචි ළමයි. පොඩි කාලේ අහන ගීතයක් එයාලගේ පපුවට වදිනවා කියන්නේ ඔවුන් වැඩිහිටියන් වුණාමත් ඔවුන්ගේ මතකයෙන් ඒ ගීත ගිලිහෙන්නේ නැහැ කියන එකයි. නමුත් මම කලින් කිව්වා වගේ අපේ හැකියාව වගේම අපේ රසිකයන්ගේ කැමැත්ත හඳුනාගත යුතුයි. ‘සඳු රේණු ගලන’ ගීතය ජනපි‍්‍රය වුණේ ඒ නිසයි. මේ දවස්වල රසිකයන් වැඩිපුර කැමැති ඇඬෙන සින්දුවලටයි. ඉතින් කලින් කලට ඒ කැමැත්ත වෙනස් වෙන්නෙ මොන පැත්තට ද කියලා ගායකයෙක් විදිහට අපි හඳුනාගන්න ඕනේ.
ඔබේ නිර්මාණවලින් ඔබ වඩාත් කැමතිම ගීතය කුමක් ද?
“සඳරේණු ගලන” ගීතය තමයි තීක්ෂණ කියන ගායකයාගේ හැකියාව රසිකයන් වෙත ගෙන ගියේ. අදටත් ඒ ගීතයට බොහෝ අය පි‍්‍රය කරනවා. ඒ නිසා ඒ ගීතයට මම වඩාත් කැමැතියි.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහාය ඔබට ලැබෙනවා ද?
අනිවාර්යෙන්ම.
මේ වෙන කොටත් රෝහණ වීරසිංහයන්, උපුල් ශාන්ත සන්නස්ගල, රත්න ශ්‍රී විජේසිංහ, නිලාර් එන්. කාසිම්, යමුනා මාලනි සහ එච්. එම්. ජයවර්ධන වැනි ප්‍රවීණයන්ගේ ගීතවලට මම දායක වෙලා තිබෙනවා.
තීක්ෂණ ගායකයෙක් නොවුණා නම්?
අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් වේවි.
තීක්ෂණගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් යමක් කියන්න?
‘ඔබ තරම්’ කියලා කොන්සට් එකක් කරන්න හිතන් ඉන්නවා. එදාටම මගේ ගීත ඇල්බමයකුත් නිකුත් කරන්න පුළුවන් වේවි.
0 comments:
Post a Comment