පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500ක්, අසභ්‍ය සංයුක්ත තැටි හා රජයට මඩ ගැසීමට සකස් කළ
සංයුක්ත තැටි ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්
මහතාගේ කිලිනොච්චියේ පිහිටි පක්ෂ කාර්යාලයේ තිබියදි සොයාගත් ත්‍රස්ත විමර්ශන
ඒකකය මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාද (12) අත්අඩංගුවට
ගෙන ඇත.
ශ්‍රි ධරන් මහතාගේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මේ අත්අඩංගුවට ගැනීම සිදු කළ
බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් තිබු ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරීමේදි ඉන් ලැබු
තොරතුරු අනුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් කිලිනොච්චියේ පිහිටි
ශ්‍රී ධරන් මහතාගේ දේශපාලන පක්ෂ කාර්යාලය පරික්ෂා කිරීමේදි පුපුර ද්‍රව්‍ය සමඟ
සම්බන්ධීකරණ ලේකම්වරයා අත්අඩංගුවට ගත් බව බ්‍රිගේඩියර් රුවන්
වනිගසූරිය මහතා කීවේය.
අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර කාන්තා ඡායාරූප, උපත් පාලන කොපු හා රජයට මඩ
ගැසීමට සකස් කළ තොරතුරු අඩංගු සංයුක්ත තැටි තොගයක් තිබුණු බවද ඒ මහතා ප්‍රකාශ
කළේය.වැඩිදුර පරික්ෂණ ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් සිදු කරන බවද යුද හමුදා
මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
0 comments:
Post a Comment