Photobucket

Tuesday, January 8, 2013

විවාහ ලියාපදිංචි ගාස්‌තු සංශෝධනය සිංහලයන්ට අසාධාරණයක්‌

විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්‌තු සංශෝධනයේදී සිංහලයන්ට අසාධාරණයක්‌ වී ඇතැයි ජාතික සංඝ සම්මේලනය නිවේදනය කරයි.

නව ගාස්‌තු සංශෝධනය අනුව සිංහල ජාතික විවාහ අපේක්‍ෂකයන් රුපියල් 5000 ක්‌ ගෙවිය යුතු අතර මුස්‌ලිම් ජාතිකයකු ගෙවිය යුත්තේ 1500 ක්‌ පමණක්‌ බව සංඝ සම්මේලනය නිවේදනය කර සිටී. මේ පිළිබඳව ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක පස්‌සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් රෙජිස්‌ටාර් ජනරාල් ඊ. එම්. ගුණසේකර මහතා වෙත යෑවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ. චක්‍රලේඛ අංක 5/2012 අංකය අදාළව සියලුම දිස්‌ත්‍රික්‌ ලේකම් අතිරේක රෙජිස්‌ටාර්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් වෙත එවා ඇති චක්‍රලේඛය හා බැඳේ. කරුණු අධ්‍යයනයේදී මෙම චක්‍රලේඛයට අනුව විවාහ ලියාපදිංචිය සම්බන්ධව විෂමතාවක්‌ දක්‌නට ඇති බව පෙනේ. එහිදී මුස්‌ලිම් ජාතිකයකුට විවාහ ලියාපදිංචි කිරීමේදී කාර්යාලයෙන් පිටතදී විවාහයකදී රජයට ගෙවිය යුතු මුදලක්‌ නැත. එහෙත් සිංහල අයකු ඒ සඳහා රු. 3500.00 ක මුදලක්‌ ගෙවිය යුතුය.

මේ අනුව සාමාන්‍ය විවාහයකදී රෙජිස්‌ටාර්ට ගෙවන මුදල සමඟ සිංහල ජාතික විවාහ අපේක්‍ෂකයා රු. 5000.00 ක්‌ ගෙවිය යුතුය. මුස්‌ලිම් ජාතිකයකු ගෙවිය යුත්තේ රු. 1500.00 කි. එබැවින් මෙහි පෙනෙන විෂමතාව ගැන ඔබතුමන්ගේ අවධානය යොමුකරවන මෙන් ඉල්ලා සිටින අතර රටක සියලු පුරවැසියන්ට එකම නීතියක්‌ යටතේ කටයුතු කළ යුතු බව ද සිහිකරන්නේ කරුණාවෙනි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all