තැපැල් දෙපාර්තමේන්තුවට අයත් කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රධාන
තැපැල් කාර්යාලයේ සහ මාළිගාවත්ත තැපැල් කාර්යාලයේ තිබූ
රුපියල් ලක්‍ෂ හතළිස් දෙකක මුදලක් අතුරුදන්වී ඇතැයි
තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් ඊයේ (4
දා) පැවැසීය.
මේ සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නියෝජනය කරන වෘත්තීය සමිතියක ප්‍රධාන නිලධාරීන් දෙදෙනකුට චෝදනා එල්ල වී තිබේ.
මෙම ලක්‍ෂ හතළිස් දෙකක මුදලින් ලක්‍ෂ 36 ක් ම අතුරුදන් වී ඇත්තේ කොළඹ හැව්ලොක් ටවුන් තැපැල් කාර්යාලයේ තිබියදීය.
මාළිගාවත්ත තැපැල් කාර්යාලයේ තිබියදී අතුරුදන් වී ඇති මුදල රුපියල් ලක්‍ෂ හයක් වෙයි. නමුත් මෙම වංචාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව තැපැල් දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගෙන නැතැයි තැපැල් සේවකයෝ පවසති.
මෙම රුපියල් ලක්‍ෂ 42 කට ආසන්න මුදල අතුරුදන් වී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කොට ගෙන ඇත්තේ අදාළ තැපැල් කාර්යාල දෙකේ කටයුතු විමර්ශනය කිරීමේදීය.
මේ පිළිබඳව තැපැල්පති රෝහණ අබේරත්න මහතාගෙන් ඊයේ (4 දා) විමසූ විට ඔහු පැවැසුවේ තැපැල් දෙපාර්තමේන්තුව මේ වන විටත් ඒ ගැන විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි.
0 comments:
Post a Comment