Photobucket

Saturday, January 5, 2013

අජාසත්ත පුතා අම්මගේ ගේ බිඳලා ලක්ෂ ගාණක රන්බඩු උස්සලා

තම මවගේ නිවස බිඳ එහි තිබු රුපියල් 4,83,500 ක් වටිනා රන් ආභරණ සොරාගත් බව කියන 18 හැවිරිදි පුතෙකු ,ඔහුගේ මිතුරන් තිදෙනෙකු සහ එක් මිතුරෙකුගේ මවක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සොරා ගන්නා ලද රන් ආභරණ හලාවත නගරයේ ස්වර්ණාභරණ අලවි සැල්වලට උගස් කර තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත. 

තමන් නිවසේ නැති විටක කිසියම් අයෙක් ඉදිරිපස ජනේලය කඩා ඇතුළු වී නිවස තුළ තිබු රන් ආභරණ සොරා ගෙන ගොස් ඇති බව හලාවත , රිදීවැල්ල පදිංචි එච්.එම්.නිලුකා චන්දිමා තුෂාරි යන අය පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.ඉකුත් දෙසැම්බර් මස 08 වැනි දින මෙම සොරකම සිදුවී තිබුණි. ඒ අනුව පරීක්ෂණ කළ හලාවත පොලීසියේ නොවිසඳුණු අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් මුලින්ම පැමිණිලිකාරියගේ පුතාව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී මෙම සොරකමේ තොරතුරු අනාවරණය වි ඇත.ඒ අනුව ඔහුගේ මිතුරන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.මෙම රන් ආභරණ උගස් කිරීම සිදු කළ බව කියන එක් සැකකරුවෙකුගේ මවක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් තිදෙනෙක් සහ සැකකාරිය හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් සැකකරුවෙක් එළුවන්කුළම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 
 
හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all