Photobucket

Saturday, January 5, 2013

අමෙරිකා නියමු රහිත යානා දෙකක් ඉරානයෙන් බිම දමලා

පසුගිය මාස 15 ඇතුළත නියමුවන් රහිත අමෙරිකන් ගුවන් යානා දෙකක් බිම හෙලූ බව ඉරානය කියයි. මේ අතර ස්කෑන් ඊගල් නියමුවන් රහිත යානය සහ ආර්.කියු ‍සෙන්ටිනල් යානයද අත්අඩංගුවට ගත් බව පවසයි. කෙසේවෙතත් ඊගල් නියමුවන් රහිත අමෙරිකන් යානය බිම හෙලූ බවට ඉරානය කර ඇති ප්‍රකාශය අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි . 

ඉරාන නාවික හමුදාවේ රියර් අද්මිරාල් අමිර් රස්ටිගන් මේ ප්‍රකාශය කර ඇත්තේ ඔමාන් බොක්කේ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය අවට දින 6ක හමුදා අභ්‍යාසයක් සිදු කිරිමෙන් අනතුරුවයි . මේ අභ්‍යාසයේදි බිම සිට ඉහළ අහසට මිසයිල විදීමේ අභ්‍යාස සිදු කළ බවද වාර්තා වේ.

ලොව ‍තෙල් නෞකා තුනෙන් එකක් පමණ ගමන් කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහායි. අමෙරිකාව ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවිම හේතුවෙන් මේ සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරානය නොයෙක් විට තර්ජනය කර තිබේ .
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all