Photobucket

Saturday, January 5, 2013

දුටු... දුටු සිත් බැඳගත් පින්නවල අලි සුරතලූන් "නිල්ගල" සහ "වරුණ"

හැමෝම එන්නේ අලි බලන්න. ඒත් පුංචි අපි බලන්න කව්රුවත් නෑ. පුංචි උනත් අපිත් අලි තමයි. ඉතින් පුංචි අපි දෙන්නත් බලන්න එන්නකෝ.

මෙහෙම කියන්නේ රඹුක්‌කන පින්නවල අලි අනාථාගාරයේ සිටින පුංචිම පුංචි අලි සිඟිත්තන් දෙන්නයි. මම එක්‌කෙනෙක්‌ ළඟට ගිහිල්ලා මොකක්‌ද ඔයාගේ නම කියලා ඇහුවා. එයා කීවා මගේ නම නිල්ගල කියලා.

බූල් තියෙන කැප් එකක්‌ දාගත්තා වගේ පින්තූරයේ ඉන්නේ. මගේ නමත් නිල්ගල ගමත් නිල්ගල අම්පාරේ නිල්ගල මහා කැලේ. මම අම්මත් එක්‌ක කැලේ ඇවිදින්න ගිහිල්ලා තමයි මට මෙහේ එන්න වුණේ. මම තනියම ඇවිදගෙන යනකොට වැටුණේ නැද්ද වතුර කට ළඟට පිරිලා තිබ්බ වළකට. ඒකේ දවසක්‌ම හිටියා. මාව ගොඩගන්න අම්මයි මගේ නෑයොයි කොච්චර නම් දැඟළුවද? පස්‌සේ තමා මාව වනජීවී මාමලා ගොඩ අරගෙන මෙහාට ගෙනාවේ. මම මෙහාට එනකොට මාස 3 යි. එතකොට මේ අනෙක්‌ යාළුවා කව්ද?

එයාගෙ නම වරුණ. එයා ඔය සද්ද නැතිව හිටියට එයාටත් වෙලා තියෙන්නේ මට වෙච්ච වින්නැහියම තමා. හැබැයි වරුණ අපේ ගමේ නෙමෙයි. හොරොව්පතානේ රිටිගල කැළේ. පින්නවල අලි බලන්න ගියොත් අලි පැටවුනට කිරි පොවන ස්‌ථානයට ටිකක්‌ පහලට වෙලා ඉන්න මේ දෙන්නත් දැක බලා ගන්න පුළුවන්.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all