Photobucket

Friday, January 4, 2013

පෙරේරා මෝටර්ස් ආයතනයේ හිමිකරු අභිරහස් ලෙස මිය ගිහින්...

(04) රාත්‍රි 10.30 ට පමණ සිය සැමියා ආයතනයට ගියා - බිරිඳ...

මළ සිරුර ආයතනයේ නිදන කාමරයක් තුළ...

පානදුර පොලිස් වසමේ අළුබෝමුල්ල එස්.මහින්ද විදුහල ඉදිරිපිට පිහිටි පෙරේරා මෝටර්ස් ආයතනයේ හිමිකරු වන යූ.ඩී.නිලන්ත උදයකුමාර නැමැති 39 හැවිරිදි දෙදරු පියාගේ මළ සිරුර (05) උදේ ආයතනයේ සේවය සඳහා පැමිණි සේවකයින්ට ආයතනයේ නිදන කාමරයක් තුළ තිබී හමු වී තිබෙනවා. 

නිදන ඇඳ උඩ මුනින් අතට හරහට මොහුගේ සිරුර වැටී තිබෙනු දැක සේවකයන් විසින් සිද්ධිය පානදුර පොලිසියට දැනුම් දී තිබෙනවා. මේ දිනවල මෙම ආයතනයේ රාත්‍රි මුර සේවයේ යෙදෙන පුද්ගලයා නිවාඩු ලබා පිටව ගොස් තිබෙන බැවින්
රාත්‍රි කාලයේ උදය කුමාර මහතා ආයතනයේ ලැඟුම් ගන්නා බව ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පවසා තිබෙනවා

එබැවින් (04) රාත්‍රි 10.30 ට පමණ සිය සැමියා ආයතනය බලා යන බව කියා අළුබෝමුල්ල, දංකැටියවත්තේ පිහිටි සිය නිවසින් පිට වී ගිය බව බිරිඳ වැඩිදුරටත් පානදුර පොලිසියට පවසා තිබෙනවා. 

තම සැමියාට හෘදයාබාධ හෝ වෙනත් ලෙඩ රෝග නොතිබුණ බවත් ඇය විසින් පවසා තිබෙනවා. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය (05) දහවල් පැවැත්වීමට නියමිතය. 

මේ වනවිට සිද්ධිය වූ ස්ථානයට අපරාධ ස්ථාන පරීක්ෂණ කණ්ඩායම් සහ පානදුර පොලිසියේ අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරින් පැමිණ වැඩිදුර පරීක්ෂණ අරඹා තිබෙනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all