Photobucket

Friday, January 4, 2013

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ක්‌ අරී

ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මහ වැව් සියල්ලක්‌ම පාහේ යළිත් වාන් දැමීමට පටන් ගෙන ඇත.

(03 දා) පස්‌වරුවේ සිට පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු නැවත විවෘත කොට තිබේ. එහි වාන් දොරටු 10 ක්‌ අඟල් 06 බැගින් විවෘත කොට අතිරික්‌ත ජලය පිටතට මුදා හැරීමට පියවර ගත් බව පරාක්‍රම සමුද්‍රය වාරි ඉංජිනේරු එච්. එම්. යූ. බී. හේරත් මහතා පවසයි.

මේ අතර කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 11 ක්‌ අඟල් 06 බැගින් විවෘත කොට තිබේ.

මින්නේරිය ජලාශයේද වාන් දොරටු 07 ක්‌ අඩි 02 ක්‌ බැගින් විවෘත කොට එහි අතිරික්‌ත ජලය මුදා හැරීමට වාරිමාර්ග නිලධාරීහු පියවර ගෙන ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all