Photobucket

Saturday, December 8, 2012

ඉහළ වටිනාකමක් සහිත උපාධි SAITM වෙතින්

වෘත්තීය වශයෙන් පිළිගනු ලැබූ පූර්ණ සිවු අවුරුදු විද්‍යාවේදී ඉන්ජිනේරු උපාධිය සහිත අන්තර්ජාතික මට්ටමේ ඉන්ජිනේරුවන් බවට පත්වීමට ශ්‍රී ලංකාවේ සියලු තරුණ තරුණියන් වෙත දැන් සක් සුදක් සේ පැහැදිලි මාවතක් පෑදී ඇත.

මෙම උපාධියේ වටිනාකම වනුයේ එය තායිලන්තයේ බැංකොක් නුවර පිහිටා ඇති සම්මානනීය හා කීර්තිමත් ආසියානු තාක්‍ෂණ ආයතනය (ඒඵඪචද ධ්දඵබඪබභබඥ ධට ඊඥජඩදධතධඨර) පිරිනැමීමයි. එය ලෝකයේ තිබෙන එකම අන්තර්ජාතික, අන්තර් රාජ්‍ය, ස්වාධීන විශ්වවිද්‍යාලය වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිටුබලය සහිත මෙම විශ්වවිද්‍යාලය ඉන් පිරිනැමෙන අධි ප්‍රමිතියේ ඉන්ජිනේරු උපාධි හා පශ්චාත් උපාධි ඉන්ජිනේරු පර්යේෂණ උපාධි නිසා ලොව පුරා ප්‍රකටය. සියලු විෂය අංශවල ඉන්ජිනේරුවන් වෙනුවෙන් ඉහළ ඉල්ලුමක් පවතින මෙවැනි වකවානුවක ඉහළ ප්‍රමිතියේ ඉන්ජිනේරුවන් බිහිකිරීමට එම විශ්වවිද්‍යාලය ඉදිරිපත්වී සිටී.

රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාලවල පවතින බඳවා ගැනීමේ සීමාමායිම් සහ එතෙර විශ්වවිද්‍යාලවල අය කෙරෙන අධික ගාස්තු නිසා වෘත්තීයවේදී ඉන්ජිනේරුවන් වීමේ සිහිනය ඉටුකොට ගත නොහැකිව ළතවෙමින් සිටි ශ්‍රී ලංකාව වැනි කලාපයේ සෙසු රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මින් තම තමන්ගේ සිහින සැබෑ කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව පෑදී තිබේ.

ආසියානු තාක්‍ෂණ ආයතන ප්‍රඥප්තියට අස්සන් තබා ඇති ශ්‍රී ලංකා රජයේ පූර්ණ සහයෝගය සහිත ආසියානු තාක්‍ෂණ ආයතනය සිවිල් හා යටිතල පහසුකම්ද ඉන්ජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනේරු විද්‍යාව, තොරතුරු සංනිවේදන තාක්‍ෂණ ඉන්ජිනේරු විද්‍යාව, කාර්මික ඉන්ජිනේරු විද්‍යාව, ඉලක්ට්‍රොනික ඉන්ජිනේරු විද්‍යාව, විදුලි සංදේශ ඉන්ජිනේරු විද්‍යාව හා ජීව පද්ධති හා පාරිසරික ඉන්ජිනේරු විද්‍යාව යන අංශවල විද්‍යාවේදී උපාධි ආදී ලෝකයට අද අදාළතාවක් ඇති පූර්ණ පරාසයක ඉන්ජිනේරු විද්‍යා උපාධි පිරිනමයි.

මෙහිදී විශේෂයෙන් කිව යුත්තක් ඇත. ඉතා ඉහළ ඉල්ලුමක් සහිත පාරිසරික ඉන්ජිනේරු විද්‍යාවේදී උපාධි හා ජීව පද්ධති ඉන්ජිනේරු විද්‍යාවේදී උපාධි හඳුනාදීමෙන් ජීව විද්‍යාව විෂය දහරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම තමන්ගේ අධ්‍යයන ක්‍ෂේත්‍රවල වෘත්තීයවේදීන් බවට පත්වීමට ආසියානු තාක්‍ෂණ ආයතනය ‍ෙදාර කවුළු විවෘත කොට දී ඇත.

දැනටමත් ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 දෙනෙක් පමණ කණ්ඩායම් දෙකක් වශයෙන් ආසියානු තාක්‍ෂණ ආයතනය තුළ 3 වැනි හා 4 වැනි උපාධි වසරවල ඉගෙන ගනිමින් සිටිති. ඒ ඔවුන් තම තමන්ගේ අධ්‍යයන පාඨමාලාවන්හි ප්‍රථම දෙවසරෙහි ඉගෙනුම මාලබේ පිහිටි දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යා (ඉඒධ්ඊර්) ආයතනයේදී සම්පූර්ණ කිරීමෙන් පසුවය. එය ආසියානු තාක්‍ෂණ ආයතනයේ දේශීය සහකරු වේ. ආසියානු තාක්‍ෂණ ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලව දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනය මේ සඳහා උපාධි අපේක්‍ෂක වැඩපිළිවෙළට අවශ්‍ය යටිතල පහසුකම් සලසයි. එහි ආසියානු තාක්‍ෂණ ආයතනය විසින් නිර්දේශිත උච්චම අධ්‍යයන ප්‍රමිතීන් නඩත්තු කෙරේ.

දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යාර්ථීන් ලොව වටා ඉහළ පිළිගැනුමක් සහිත විශ්වවිද්‍යාලවල මනා සුදුසුකම් ලැබූ පශ්චාත් උපාධිධාරීන්ගෙන් සමන්විත වේ. ඔවුන්ගෙන් සියයට 90ක් දර්ශනසූරී උපාධි දරන්නෝ වෙති. ඊට ප්‍රබල පූර්ණකාලීන කාර්යමණ්ඩලයක් හා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉතා කීර්තිමත් සංචාරක මහාචාර්යවරු හා ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරු පිරිසක්ද අයත් වෙති.

දැනට දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයේ 250 දෙනකුටත් අධික උපාධි අපේක්‍ෂකයෝ පිරිසක් ඉගෙනුම ලබති. ඔවුන්ගෙන් 150 දෙනෙක් 2013 අගෝස්තු මසදී මාරු කෙරෙති.

2013 ජනවාරි මස ඇරැඹෙන 7 වැනි බඳවා ගැනීම සඳහා දැන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළුකරගනු ලැබේ. ඔවුහු 2016දී විද්‍යාවේදී ඉන්ජිනේරු උපාධිධාරීහු ලෙස පිටවෙති.

අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ගණිතය හෝ ජීව විද්‍යා විෂය දහරාවලින් අවම වශයෙන් සාමාර්ථ 3ක් සහ උසස් පෙළ විභාගයට පෙනී සිට සාමාර්ථයන් හිමිවනු ඇතැයි විශ්වාසයක් තබා සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජීවිත කාලය තුළදී හිමි කරගත් මෙම එකම ඉඩ ප්‍රස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස ආසියානු තාක්‍ෂණ ආයතනය හා දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනය ඉල්ලා සිටී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all