Photobucket

Saturday, December 8, 2012

විදුලිබල මණ්‌ඩලයෙන් වොට්‌ 33000 ක පිළිතුරක්‌

නය 2012/12/7 (ඊයේ) වේලාව- පස්‌වරු 8.30 අගලවත්ත, යටියන ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබිණි. විදුලිය යථා තත්ත්වයට පත්වීමට තව කොපමණ වේලාවක්‌ ගතවේද යන්න දැන ගැනීම සඳහා පාරිභෝගිකයෙක්‌ දුරකථන අංක 034-2247551 ඔස්‌සේ අගලවත්ත විදුලි බල මණ්‌ඩල කාර්යාලය ඇමතීය.

'හලෝ...' ඇමතුමට පිළිතුරු ලැබිණි.

'අගලවත්ත විදුලි බල මණ්‌ඩලයද?'

'ඔව්'

'මහත්තයො මේ යටියනින් කථා කරන්නේ. මෙහෙට කරන්ට්‌ එක නැහැ. තව ගොඩක්‌ වෙලා යයිද කරන්ට්‌ එක එන්න?' පාරිභෝගිකයා විමසීය.

'යටියන කොහේ ඩිපෝවටද අයිති' ඒ විදුලිබල මණ්‌ඩලයේ ඇමතුම ලබාගත් තැනැත්තාගේ පැනයයි

'මම හිතන්නේ නම් අගලවත්තට. ඇයි ඔයාලා ගාව නැද්ද මැප් එකක්‌ මේ හරිය අයිතිවෙන්නේ කොහෙටද කියලා අපට හරියටම දැනගන්න' පාරිභෝගිකයා ඇසුවේ සාධාරණ පැනයකි.

'වැඩ නැතිනම් වරෙන් මැප් එක පෙන්නන්න' විදුලිබල මණ්‌ඩලයේ තැනැත්තාගෙන් ලැබුණු පිළිතුරින් පාරිභෝගිකයා අන්දමන්ද විය.

'කව්ද මේ කථා කරන්නේ කියලා මට දැනගන්න පුළුවන්ද?' පාරිභෝගිකයාට අසන්න ලැබුණේ එපමණකි.

'නම මොකක්‌ද කියලත් ඇවිල්ලම බලාගනින්'

පුවත්පතක සඳහන් කළ නොහැකි තවත් නොසරුප් වචන කිහිපයක්‌ සමගින් විදුලි පාරිභෝගියකයාට ලැබුණු එම පිළිතුරත් සමගින් විදුලිබල මණ්‌ඩලයේ තැනැත්තා ආවේගයෙන් ඇමතුම විසන්ධි කළේය.

අගලවත්ත විදුලිබල මණ්‌ඩලයේ රාජකාරි කරන තැනැත්තන්ගේ මෙම පිළිකුල් සහගත හැසිරීම පිළිබඳව සැනෙන් 'දිවයින'ට වාර්තා වූ අතර ඒ සමග 'දිවයින' අගලවත්ත විදුලිබල මණ්‌ඩලය ඇමතීය.

'අපි 'දිවයින' පත්තරෙන් කථා කරන්නේ. අපිට දැනගන්න පුළුවන්ද මේ කථා කරන මහත්තයාගෙ නම'

'ංආ.... මේ ආරක්‍ෂක අංශයෙන්' යෑයි පිළිතුරක්‌ ලැබිණි.

'කව්ද මේ මහත්තයා...'

ම්... මම .... චන්ද්‍රසේන

'අපට දැනගන්න ලැබුණා කරන්ට්‌ එක ගියපු වෙලාවට ඒ ගැන විමසීම් කරන පාරිභෝගිකයන්ට ඔබ තුමන්ලා කථා කරන විදිහ ටිකක්‌ නරකයි කියලා. රෑ 8.30ට විතරත් එහෙම දෙයක්‌ වෙලා තියෙනවා'

'නැ... මේ මැප් එක දන්නෙ නැද්ද කියලා ඇහුවා.. ඒකයි එහෙම කියන්න වුනේ'

සියල්ල තහවුරු කරමින් පිළිතුරක්‌ ලැබිණි.

දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all