Photobucket

Saturday, December 8, 2012

අබුඩාබියේ මිනීමැරුමට ශ්‍රී ලාංකිකයාට මරණ දඬුවම

අබුඩාබියේ නාගරික හා නගර සැලසුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානියා වූ මොහමඩ් අල් බුහාරිට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකිකයකු වන ඇලෙක්‌ස්‌ රෝහණ නමැත්තා පෙරේදා (6 දා) උදේ අබුඩාබියේදී එරට නීතියට අනුව වෙඩි තබා මරා දමා ඇත.

ඉස්‌ලාම් ආගමට එක්‌වූ ඇලෙක්‌ස්‌ රෝහණ සමාව ඉල්ලා කළ ඉල්ලීම අල් බුහාරිගේ පවුලේ අය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

පෙරේදා උදේ 7 ට ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇතැයි එක්‌සත් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.

ඝාතනය වූ මොහොමඩ් අල් බුqහාරි දරුවන් අටදෙනකුගේ පියකු වන අතර ඇලෙක්‌ස්‌ රෝහණට එක්‌ දියණියක්‌ සිටී.

36 හැවිරිදි වියේ පසුවූ ඇලෙක්‌ස්‌ රෝහණ මෙම මිනීමැරුම සිදු කර ඇත්තේ අනියම් පෙම් සබඳතාවක්‌ නිසා යෑයි හෙළි වී තිබේ.

අල් බුහාරි නමැති ඉංජිනේරුවාගේ නිවසේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක්‌ සමඟ සබඳකම් පැවැත්වූ බව පැවසෙන ඇලෙක්‌ස්‌ රෝහණ එකී නිවසේ සිට පැන යන අවස්‌ථාවේ අසුවී ඇත.

මෙහිදී අල් බුහාරිගෙන් ගැලවීම සඳහා ඔහුට පිහියෙන් ඇන තිබේ.

මරණ දඬුවම ක්‍රියාත්මක වීමට පෙර ඔහු පවසා ඇත්තේ තමා සිදු කළ අපරාධය ගැන කනගාටු වන බවත්, බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස්‌ නිලධාරීන් තමාට හොඳින් සැලකූ බවත් ය.

තමාට අත්වූ ඉරණම ගැන මවට හා දියණියට නොපවසන ලෙසද ඔහු සිය මිතුරකු වෙත පවසා ඇත.

ඇලෙක්‌ස්‌ රෝහණට වෙඩි තබන අවස්‌ථාවේ වෛද්‍යවරයකු ද, මුස්‌ලිම් පූජකයකු ද, සිරගෙදර නිලධාරීන් ද, රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා ද සිටි බව වාර්තා වේ.

අබුඩාබියේ සයදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පැමිණ ඇති අතර ජීව උණ්‌ඩ භාවිත කර ඇත්තේ ඉන් එක්‌ අයකු යෑයි හෙළි වෙයි.

ඇලෙක්‌ස්‌ගේ සිරුර භූමදාන කටයුතු සඳහා ඔහුගේ ඥතීන්ට ලබාදී ඇත.

මරණ දඬුවම ක්‍රියාත්මක වීමට පෙර ඔහු තමා නිසා විපතට පත් සෑම දෙනාගෙන්ම සමාව යදින බව පවසා තිබේ.

දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all