Photobucket

Saturday, December 8, 2012

ආකාශ වස්තුව දැකලා සිසුවියන් 6ක් ක්ලාන්ත වෙලා

වැලිමඩ නැදුන්ගමුව මහා විද්‍යාලයේ සිසුවියන් හයදෙනකු පෙරේදා (6දා) උදෑසන අහසේ ආකාශ වස්තුවක් යැයි සැක කරන දීප්තිමත් එළියක් දැක ක්ලාන්ත වී රෝහල් ගත කර තිබේ.

පහ වසර ඉගෙනුම ලබන මේ සිසුවියන් සය දෙනා උදෑසන 10.30ට පමණ විද්‍යාල ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිටියදී මේ අපූරු එළිය දැක තිබේ. එම දීප්තිමත් ආලෝකය දැක බිය වූ එම සිසුවියන් හය දෙනාම ක්ලාන්ත වී එම ස්ථානයේ ඇද වැටී තිබේ.

නැදුන්ගමුව විද්‍යාලයේ විදුහල්පති කරුණාදාස ගීගනගේ මහතා සඳහන් කෙළේ එම අවස්ථාවේදීම සිසුවියන් හයදෙනා නැදුන්ගමුව මූලික රෝහලට ඇතුළත් කළ බවත්, ඔවුන්ගේ තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට පත්ව තිබෙන බවත්ය.

ආලෝකය දැක බිය වූ එම සිසුවියන් හය දෙනාම ක්ලාන්ත වී එම ස්ථානයේ ඇද වැටී තිබේ.

නැදුන්ගමුව විද්‍යාලයේ විදුහල්පති කරුණාදාස ගීගනගේ මහතා සඳහන් කෙළේ එම අවස්ථාවේදීම සිසුවියන් හයදෙනා නැදුන්ගමුව මූලික රෝහලට ඇතුළත් කළ බවත්, ඔවුන්ගේ තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට පත්ව තිබෙන බවත්ය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all