Photobucket

Saturday, December 8, 2012

මාතලේ ඇටකටු ගොඩෙන් වසූරිය කතාව එළියට එයි

මාතලේ මහ රෝහල් භූමියේ සමූහ මිනී වළෙන් ගොඩට ගත් හිස්‌ කබල් හා අස්‌ථි කොටස්‌ මීට වසර පනහකටත් පෙර එනම් 1956 දී වසූරිය වසංගතයට ගොදුරුව මියගිය අයගේ කොටස්‌ යෑයි රහස්‌ පොලිසිය කළ පරීක්‌ෂණවලදී හෙළිකරගෙන තිබේ. 1956 දී පැතිරී ගිය වසූරිය වැළඳුණු පිරිසක්‌ මෙලෙස රෝහල් භූමියේම මිහිදන් කළ බව 1956 දී එම රෝහලේ සේවය කළ සේවකයකු රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමකට පවසා ඇත.

මහ රෝහල් භූමියේ ජීව වායු ඒකකයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ගොඩනැගිල්ලක්‌ ඉදිකිරීමට බැකෝ යන්ත්‍ර යොදා භූමිය හාරද්දී මෙම අස්‌ථි සහ හිස්‌ කබල් කොටස්‌ හමුවී ඇත.

දැනට හිස්‌ කබල් හතළිස්‌ තුනකට වඩා මෙලෙස හමුවී ඇතැයි රහස්‌ පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය.

හේමන්ත රන්දුණු
දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all