ශ්‍රී
ලංකා ගුවන් හමුදාවට ඉදිරියේ දී ජේ.එෆ්. 17 වර්ගයේ සටන් ගුවන් යානා 6 ක්
මිලදී ගැනීමට සැලසුම් කර ඇත. 2013 වසර සඳහා සැලසුම්ගත ව්‍යාපෘති යටතේ මෙම
ගුවන් යානා මිලදී ගැනීමට නියමිතය. මෙයට
අමතරව එම්.අයි. 17 හෙලිකොප්ටර් 17 ක් සහ බි. 206 හෙලිකොප්ටර් 2 ක්ද මිලදී
ගැනීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ
ප්‍රගති වාර්තාවේ සඳහන් කර තිබේ.
ඉදිරි වසර සඳහා සැලසුම්ගත ව්‍යාපෘති
යටතේ පවතින මෙම මිලදී ගැනීම් පිළිබඳ දින වකවානු මතෛක් තීරණය කර නැත. ජේ.එෆ්
17 සටන් ගුවන් යානා හැර අනෙකුත් හෙලිකොප්ටර් ප්‍රධාන වශයෙන් ගුවන් මගී
ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනීම විශේෂිතය.
රමේෂ් වරල්ලෙගම
ලක්බිම ඇසුරින් පලකරන ලදී.









0 comments:
Post a Comment