තිලකරත්න ඩිල්ෂාන් ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට් සභාපතිගේ
කණ්‌ඩායමට එරෙහිව කදිම පෙරහුරුවක් ලබා ගනිමින් ශතකයක් වාර්තා
කිරීමට සමත් විය. දෙපිල අතර පැවැත්වෙන මෙම පුහුණු තරගයේ දෙවැනි
දිනට (07 දා) තරගය නවතා දමන විට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව
කඩුලු 4 ක් දැවී ලකුණු 276 ක් ලබා සිටියේය.
ඔස්‌ටේ්‍රලියා ක්‍රිකට් සභාපතිගේ කණ්‌ඩායම කඩුලු 6 කට ලකුණු
439 ක් ලබා ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර එහිදී ආරම්භක
පිතිකරු ස්‌කොට් හෙන්රි පන්දු 283 කදී හතරේ පහර 28 ක් සහ හයේ
පහර දෙකක් සමග නොදැවී ද්විත්ව ශතකයක් (207) වාර්තා කිරීමට
සමත් විය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පන්දු 152 කදී හතරේ පහර 15 ක් සමග ලකුණු 101 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමට අවස්‌ථාව ලබාදුන් අතර අනෙක් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පන්දු 96 කදී හතරේ පහර හයක් සමග ලකුණු 40 ක් ලබා ගත්තේය.
කුමාර් සංගක්‌කාර පන්දු 109 කදී හතරේ පහර හයක් සමග ලකුණු 55 ක් සහ මහේල ජයවර්ධන ලකුණු 36 කට දැවී ගියේය. ප්‍රසන්න ජයවර්ධන ලකුණු 24 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 12 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියි.
ලකුණු තත්ත්වය
ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට් සභාපතිගේ කණ්‌ඩායම පන්දුවාර 100 කදී කඩුලු 6 ට ලකුණු 439 යි. (ස්‌කොට් හෙන්රි නොදැවී 207, උස්‌මන් කහවාජා 56, ග්ලීන් මැක්‌ස්‌වෙල් 91, වෙලගෙදර 93/1, එරංග 22/1, ප්‍රසාද් 128/2, රන්දිව් 121/1, ප්‍රදීප් 53/1 යි.)
ශ්‍රී ලංකාව පන්දුවාර 78 කදී කඩුලු 4 ට ලකුණු 276 යි. (දිමුත් කරුණාරත්න 40, තිලකරත්න ඩිල්ෂාන් 101, කුමාර් සංගක්‌කාර 55, මහේල ජයවර්ධන 36, ප්‍රසන්න ජයවර්ධන නොදැවී 24, දිනේෂ් චන්දිමාල් නොදැවී 12, ෂටන් ටියුනර් 54/1, උස්‌මන් කවාජා 22/1 යි.)

දිවයින ඇසුරින් පලකරන ලදී.

0 comments:
Post a Comment