මහවිරු සැමරුම (ත්‍රස්‌තයන් සැමරීම) පැවැත්වීමට ඉඩදෙනු
- මනෝ ගනේෂන්
මඩකලපුව, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශවල නිවාස
ජී.පී.එස්. තාක්‍ෂණය මත සටහන් කරනවා
- හිටිහැටියේ මතුවූ රාජ්‍ය නොවන සංවිධානයක්

ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇතුළු රටවල් අල්ඛයිඩා නායක බිල්
ලාඩන්ව සැමරීමට ඉඩ දෙන්නේ නැත. එසේම රුසියාව විසින් චෙච්නියානු
බෙදුම්වාදී නායක ශෝකාර් දුදායෙව් සැමරීමට ද ඉඩ නොදේ. ඉන්දියාව
වීරප්පන්ව සැමරීමට ද අවසර දී නැත.
තුර්කි රජය පී.කේ.කේ. කුර්දි ත්‍රස්‌ත නායකයන්ව සැමරීමට ද කිසිවිටෙකත් ඉඩක් නොතබයි. එහෙත් තිස් වසරක් තිස්‌සේ මෙරට බිහිසුණු අපරාධ සිදු කළ කොටි මිනීමරුවන්ව සැමරීම සඳහා ඉඩදිය යුතු යෑයි මනෝ ගනේෂන් නමැත්තා කියයි. මේ අයිතිය දුන්නේ නැත්නම් උතුරු නැගෙනහිර සාමය හා සහජීවනය ඇති වන්නේ නැතැයි ද ඔහු කියයි. ගනේෂන්ගේ ප්‍රකාශය අනුව රජිව් ගාන්ධි ඝාතනය කළ ධනු හා ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය කළ "බාබු" නමැති බෝම්බකරුවන් සැමරීමට ද ඉඩදිය යුතුයි. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව ත්‍රස්‌තවාදය දියත් කරමින් ළදරුවන් පවා ගස්‌වල කපා මැරූ කොටි ත්‍රස්‌තයන් සැමරීමට රජය අවසර දිය යුතුද යන්නයි.
ලෝක ඉතිහාසය ලෙස බැලුවොත් කිසිම රටක් ත්‍රස්‌තවාදීන්ව සැමරීමට ඉඩ දී නැත. එහෙත් මේ සියලු දේ සිදු වන්නේ ශ්‍රී ලංකාවේයි. කොටි ඝාතකයන්ව සැමරීම සඳහා ඉඩදීම යනු මෙරට වර්තමානය සහ අනාගතය උදෙසා සිය ජීවිතය දුන් රණවිරුවන්ට සිදුවන බරපතළ නිග්‍රහයකි.
කොළඹින් මතුවූ මනෝ ගනේෂන්ලා දැන් රඟදැක්‌වීමට සූදානම් වන නාඩගම ක්‍රම ක්‍රමයෙන් එළිදැක්‌වී ඇත.
වන්නි මෙහෙයුම නතර කිරීමට ඔහු දැඩි උත්සාහයක් ගත්තේය. දැන් ඔහු මහාවිරු සමරුව පැවැත්වීමට ඉඩදිය යුතු යෑයි හඬ නගයි. ත්‍රස්‌තවාදය නැති කළේ මෙරට හමුදාවයි. ඊට සහය වූයේ බහුතර ජනතාවයි. එම පසුබිම යටතේ ගනේෂන්ලාගේ මේ ෙද්‍රdaහී ඉල්ලීමට ඉඩදිය යුතුද? ඔහු කවුරුන් යෑයි සිතමින් මෙවැනි ඉල්ලීම් කරන්නේද?
පිටකොටුව, මරදාන, මෝදර, දෙහිවල, පිළියන්දල, කොටාපාර ප්‍රහාර ඇතුළු ස්‌ථාන රැසක දී ප්‍රභාකරන් මිනීමරුවා සිය ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක කරද්දී මනෝ ගනේෂන්ලා කට වසාගෙන සිටි බව කිවයුතුය. මේ අන්දමට ඉන්දීය රජය ගෝල්ඩන් ටෙම්පල් දොවොල අරක්‌ගත් බින්දර්වාලා නමැති ත්‍රස්‌තයා සැමරීමට ඉඩ දෙන්නේ දැයි විමසිය යුතුව ඇත.
ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි මිනීමරුවන් සැමරීමට අවසර ඉල්ලන ගනේෂන් ඊළඟට එම ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් උතුරේ ද්‍රවිඩ ජනතාවට ස්‌මාරක ඉදිකිරීමට ඉඩදිය යුතු බව කියනු නොඅනුමානය. අතීතය අමතක නැත කොළඹට සැතපුම් 250 ක් ඈතින් බංකරයක සිට මුළු ශ්‍රී ලංකාවට තර්ජනයක් එල්ල කළ ප්‍රභාකරන් මිනීමරුවා තර්ජනයෙන් හා මිනීමැරීමෙන් තම ඉල්ලීම් ලබාගැනීමට උත්සාහ කළේය. අද මනෝ ගනේෂන්ලා සමරන්න උත්සාහ කරන්නේ මෙවන් ඝාතකයන්ද? යාපනය විශ්වවිද්‍යාලයේ සිටින කොටි හිතවාදීන් ද උත්සාහ කළේ කොටි මිනීමරුවන් සැමරීමටය. එහෙත් හමුදාව එම උත්සාහය ව්‍යාර්ථ කළේය.
මේ නිසා සිසු විරෝධතා ඇතිවිය. පොලිසිය එම විරෝධතාව මර්දනය කළේය. මෙවන් පසුබිමක් මැද තවත් පිරිසක් හෙට්‌ටිවීදියට ප්‍රභාකරන් මාවත, රෙක්‌ලමේෂන් පාරට තීපන් මාවත, ලෝකුරුවීදියට තමිල් සෙල්වන් මාවත යෑයි නම් කරන ලෙස ඉල්ලුවොත් ඊටත් ඉඩදිය යුතුද?
ප්‍රභාකරන් විසින් සිංහලයන්ට හා සිංහල හමුදාවට පාඩමක් උගන්වන බවට පැවසුවේ කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතකි. ප්‍රභාකරන්ගේ සමයේ කොළඹ කොටි හිතවාදී මාධ්‍ය මහත් උජාරුවෙන් වැජඹුනි. එහෙත් කොළඹ කොටි ජාලයේ බලාපොරොත්තු සුන් කරමින් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතක කණ්‌ඩායම විනාශ විය.
දැන් ඔවුන් හඬ නගන්නේ මිනීමරුවන්ව සැමරීමට රජය ඉඩ දෙන්නේ නැතැයි කියමිනි. මේ තත්ත්වය මැද සම අයිතිය යෑයි කියාගන්නා සංවිධානයක් මතුවී නැගෙනහිර ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාවගේ නිවාස හා ඔවුන් සිටින ස්‌ථානය ජී. පී. එස්. තාක්‍ෂණය මගින් සටහන් කරන බව දක්‌වා ඇත.
මෙවන් ප්‍රකාශ කරන අඳබාලයන් ජාතික ආරක්‍ෂාව මත කටයුතු කරන ඇමරිකානු එµa.බී.අයි. පොලිසිය එරට පුරවැසියන්ගේ විද්යුත් ලිපි පවා නිරීක්‍ෂණය කරන බව නොදන්නේද?
තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතැයි කියන ඇමරිකාවේ සී.අයි.එA. සංවිධානයේ හිටපු ප්‍රධානියාගේ විද්යුත් ලිපි පවා පරීක්‍ෂාවට ලක් කිරීමෙන් ඔහුට ඉල්ලා අස්‌වීමට සිදුවිය.
එසේම ස්‌විට්‌සර්ලන්තය වැනි රටවල ස්‌විස් පෙඩරල් පොලිසිය ජී.පී.එස්. තාක්‍ෂණය යටතේ එරට සිටින පිරිස්‌වල කටයුතු නිරීක්‍ෂණය කෙරේ.
මේ තත්ත්වය මැද ශ්‍රී ලංකාව එවැන්නක් කිරීම නීති විරෝධී ද යෑයි කියන්නේද? ජාතික ආරක්‍ෂාව පසෙකට දමා නැගෙනහිර විවිධ පාර්ශ්වයන්ට ඕනෑම දෙයක් කිරීමට ඉඩදිය යුතු යෑයි මොවුහු කියන්නේද?
අක්‌කරපත්තුවේදී හිටපු කොටි පස් දෙනකු මහාවිරු පෝස්‌ටර් බෙදද්දී අසුවිය. මේ නිසා ආරක්‍ෂක අංශ ඇස් වසාගෙන සිටිය යුතුද?
නැගෙනහිර කොටි කොළඹට පැමිණ බෝම්බ තබා ත්‍රස්‌ත ක්‍රියා සිදු කරද්දී මේ සම අයිතිය ගැන හඬ නගන්නන් කොහේ සිටියේද?
කොළඹ ආමර්වීදියේ බාබර් සාප්පුවක කරණවෑමියකු වූ තමිල් සෙල්වම් ද සම අයිතිය ගැන හඬ නැගීය. දැන් තමිල් සෙල්වන්ලා වෙනුවෙන් සම අයිතිය ගැන හඬ නගන්නේ හිටි හැටියේ මතු වූ පාර්ශ්වයන් බව සනාථ වේ.
බ්‍රිතාන්‍ය බලධාරීන් මවුන්ට්‌බැටන් සාමිවරයාව ඝාතනය කිරීමේ සැලසුම මෙහෙය වූ අයි.ආර්.එA. ත්‍රස්‌තවාදියාව සැමරීමට ඉඩ නොදෙන විටෙක මෙරට ඇතැම් පාර්ශ්වයන්ට අවශ්‍ය වී ඇත්තේ මිනීමරු කොටින්ට වීරත්වය දීමයි. ඉදිරියේදී මිනීමරු කොටින් දේශප්‍රේමීන් යෑයි කියනු අසන්නට ලැබෙනු ඇත. මේ තත්ත්වය යටතේ සතුරන් දැන් අළු ගසා දමා යළි ජීවමානවී ඇත. රජය තේරුම්ගත යුත්තේ එයයි.
කීර්ති වර්ණකුලසූරිය

දිවයින ඇසුරින් පලකරන ලදී.

0 comments:
Post a Comment