Photobucket

Friday, December 14, 2012

කෙහෙළිය ඝාතනයට තැත්කළ ගුංඩු වදනිට සිරදඬුවම්

රජයේ අමාත්‍යවරයකු වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඝාතනය කිරීම සඳහා කෑගල්‍ලේ හෝටලයක නවාතැන් ගෙන ඝාතනය සැලසුම් කළැයි එල්.ටී.ටී.ඊ. සාමාජිකා රාසලිංගම් තමරෙයි වදනී නෙළුම් නොහොත් ගුංඩු වදනී නැමැත්තියට වසර 20ක සිරදඬුවමක් කෑගල්ල පළාත් බද මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය විසින් 13 දින නියම කළාය. 

2007 දෙසැම්බර් මස 17 සහ 27 යන දිනවල කෑගල්‍ලේ පුද්ගලික හෝටලයක තවත් තරුණයකු සමග එක්ව ඇමැති ඝාතනයට සැලසුම් කළ මෙම තැනැත්තියට අංක 3060/2011 යටතේ සැප්තැම්බර් මස මෙම නඩුව විමසීමට ගත් අතර චෝදිත විත්තිකාරිය විසින් තමාගේ පා‍පොච්ඡාරණය ස්වේඡාවෙන් කරන ලද්දක් නොවන බව විත්තිකාරිය විසින් පැවැසීම නිසා කෑගල්ල මහාධිකරණ  විනිසුරුවරිය ඒ පිළිබඳව නැවැත සක්‍යතා අධ්‍යයනයක් පවත්වා අධිකරණයේ  සත්‍යතාවය ඔප්පු වූ පසුව දින 30කට ආසන්න කාලයක් මහාධිකරණයේදී මෙම නඩුව විභාග විය. මෙම නඩුවේ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වීම රජයේ අධිනීතිඥ චමින්ද අතුකෝරාළ මහතා සිදුකළ අතර විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ ආනන්ද කුමාර සිංහ මහතා පෙනී සිටියේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all